ජයගමු ශ්‍රී ලංකා බදුල්ලට

Date:

ඩිජිටල්කරණය හා බැඳුණු නව වැඩ ලෝකයට ගැලපෙන, ස්මාර්ට් ශ්‍රී ලාංකික ශ්‍රමික පරපුරක් බිහිකිරීම උදෙසා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවත්වන ‘ජයගමු ශ්‍රී ලංකා ජනතා ජංගම සේවයේ’ මීළඟ වැඩසටහන මැයි 31 සහ ජූනි 1 දෙදින බදුල්ල පාපන්දු ක්‍රීඩාංගණයෙදී පැවැත්වීමට නියමිතය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ සංකල්පයක් ලෙස ආරම්භ කළ මෙම දීප ව්‍යාප්ත ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහනින් මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවක සාර්ථකව පවත්වා ඇති අතර ඉන් ප්‍රතිලාභ ලබන ශ්‍රී ලාංකික රැකියා අපේක්ෂිත සහ රැකියා නියුක්තික පිරිස දිනෙන් දින ඉහළ යමින් ඇති බව පැවසේ.

අමාත්‍යාංශ සහ අනුබද්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විෂය පථයට අදාළව සැකසුණු විගමනික ශ්‍රමික හරසර, ගරුසරු, ස්මාට් යූත් ක්ලබ්, ශ්‍රම වාසනා අරමුදල මගින් මහජන සුභසාධනය උදෙසා සිදුකරනා ප්‍රදානය ලබාදීම මෙම වැඩ සහටහනෙදී සිදු කෙරෙන අතර, පාසල් සඳහා ස්මාර්ට් බෝර්ඩ් ලබාදීම, අඩු ආදායම් ලාභී පවුල්වල දරුවන් සඳහා පාසල් උපකරණ ලබාදීම ඇතුළු සේවාවන් රැසක් මෙහිදී බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට හිමිවන බව පැවසේ.

ඊට අමතරව රැකියා වෙළඳපොළ අවශ්‍යතා පිළිබඳ දැනුවත් කිරීම්, අඩු ආදායම්ලාභී පවුල් සහ විගමනික ශ්‍රමික පවුල් ව්‍යවසාය කටයුතු සඳහා යොමු කිරීමද ජයගමු ශ්‍රී ලංකා තුළින් සිදු වන බවත් ,කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යංශය යටතේ ඇති ආයතන සියල්ල මෙම වැඩසටහන යටතේ මහජනයා වෙත පැමිනෙන අතර එමගින් කොළඹ කාර්‍යාලවෙත ගොස් කරගත යුතුව තිබූ කාර්‍යන් සුළු වේලාව තුළ තම තමන්ගේ ගම් බිම් තුළම සිට කර ගැනීමට හැකිවීම මෙහි ඇතිවිශේෂත්වයක් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Celebrity Buzz: කින්ග් ඛාන් පවුලට මෙන්ම බොලිවුඩයට නව සන්ධිස්ථානයක් එක් කළ ආර්යන් ඛාන් ගේ “The Ba**ds of Bollywood”!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

මේ වසරේ ආරම්භ කළ ව්‍යාපෘති මේ වසරේදීම නිශ්චිත ඉලක්ක කරා මෙහෙය වන්න – ජනපති

නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයට 2025 වසරේ වෙන්...

ජාතික කනිෂ්ඨ ස්කොෂ් ශූරතාව මතීෂ විජේසේකරට සහ නෙත්මි වික්‍රමසිංහට

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය විසින්...

සජිත් – මෛත්‍රී මුලසුනේ. විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ හමුවක්. රනිල් වෙනුවෙන් විපක්ෂයෙන් කමිටුවකුත් හදයි!

කොළඹ LNW:හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම තුළ...