ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා 34 කට වරදකරු වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි,මැයි 31,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2016 මැතිවරණයට පෙර අසභ්‍ය තරුවක්වන ස්ටෝමි ඩැනියෙල්ස් වෙනුවෙන් කරන ලද ගෙවීමක් වසන් කිරීමට ව්‍යාජ ලේඛන සැකසීම සම්බන්ධයෙන් චෝදනා 34ක් වෙනුවෙන් නීතියෙන් වරදකරු බවට පත්විය.

ඒ අනුව, ස්ටෝමි ඩැනියෙල්ස් ඇතුළු සාක්ෂිකරුවන් 22 දෙනෙකුගෙන් උසාවිය සති හයක් පුරා කරන ලද සාක්ෂි විමසීමකට අනතුරුව, ඊයේ(30) දිනයේදී 12 දෙනෙකුගෙන් යුත් නිවුයෝක්හි ජුරි සභාවක් විසින් ට්‍රම්ප් අපරාධ චෝදනා 34ටම වැරදිකරු බව ඒකමතික තීන්දු කරන ලදී.

මෙත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධයකට වරදකරු වූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත් වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම සියලුම චෝදනාවන් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥයෙන් පවසා තිබුණේ, ඔවුන් හැකි ඉක්මනින් ටම්ප්ගේ නිර්දෝෂිභාවය සම්බන්ධයෙන් අභියාචනා කරන බවයි.

නොවැම්බර් 5 පැවැත්වීමට නියමිත මැතිවරනයට පෙර විනිසුරු ජුවාන් මර්චන් ජූලි 11 දිනට දඬුවම් නියම කර තිබේ. ව්‍යාපාරික ලියකියවිලි ව්‍යාජ ලෙස සකස් කිරීමේ අපරාධය සඳහා උපරිම වශයෙන් වසර හතරක සිර දඬුවමක් හිමි වන මුත්, ට්‍රම්ප්ට ලැබෙන දඬුවම බොහෝ විට කෙටි දඬුවම්, දඩ මුදල් හෝ පරිවාස කාලයකට යටත් විය හැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දෙන්නේ,

ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවට අනුව, සිරගත කිරීම ඔහුට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීමට හෝ ඔහු ධූරයට පත්වීමට නීත්‍යානුකූලව බාධාවක් නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහරගම – පිලියන්දල ජනතාවට සතුටුදායක පුවතක්!

මහරගම පිළියන්දල මාර්ගයේ කිලෝමීටර් 2+000 සිට කිලෝමීටර් 3+700 දක්වා...

21 රැළියෙන් එක එක හැලෙයි! රනිල් එන්නෙත් නැහැ!

කොළඹ LNW:විපක්ෂය එකාබද්ධව පැවැත්වීමට සූදානම් කර තිබෙන මහජන රැළියට...