සජබ e කොළම.

Date:

(වොෂින්ටන් මකරා)

🍎200 වන ස්මාට් පංතිය සජිත් අනුරපුර පාසැලකට ලබා දෙයි.මේ වනවිට ලක්ෂ 2220 ක මුදලක් ස්මාට් පංති වලට වැය කල බව එළිවේ.

🍎ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාසල් 05 කට සජිත් ගෙන් ස්මාට් පංති පහක්. පසුදා ගම්පහ පාසල් 03 කට ත් එවැනිම ස්මාට් පංති.

🍎නව තාක්ෂණය තුළින් මත්‍ය කර්මාන්තය සවිමත් කොට ලක්ෂ 12 ක කරදිය මිරිදිය ධීවරයාගේ ජීවණ මට්ටම උසස් කර ජනතාවටත් මත්‍ය අනුභවය පහසු මිලට කල හැකි පසුබිම වසර අවසන්වීමට පෙර සකසනවා – සජිත් කියයි.

🍎ලොව ඉහළම අපනයන වෙළෙද පොලවල් ඉලක්ක කර විශාල ශ්‍රම බලකායක් හරහා නිෂ්පාදනය ඉහළ දැමීමේ ඉලක්කයට යන වැඩ පිළිවෙල සූදානම් – සජිත්.

🍎සජබ ආණ්ඩුවකින් ගොවියයි කෘෂිකර්මයයි ඉහළම අඩියකට ගේන දැවැන්ත සැළසුමකුත් අප සතුයි – සජිත්.

🍎මූල්‍ය දූෂණ හා කූට ලේඛන හැදූ බවට චෝදනා 34 කට වැරදිකරු වූ ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් 2024 දි ලංකාවෙ අනුර හා ජවිපෙ දිනනවා කියල ජවිපෙ කෘතිම බුද්ධිය (AI) තුළින් හදපු කූට වීඩියෝව ගැන ජවිපෙ රටෙන් සමාව ගන්න ඔිනෑ – මහලේකම් රංජිත්.

🍎සිංහල ඡන්ද බෙදිල ගියත් මෙවර සුළු ජාතික සියලු ඡන්ද සජිත් ලග තියෙන්නෙ.හකීම් රිෂාඩි මනෝ මම හා සුමන්තිරනුත් එකට ඉන්නේ – දිගම්බරම් කියයි.

🍎මැතිවරණ වසර දෙකකින් කල් තැබීමේ යෝජනාව ප්‍රජාතන්ත්‍ර විරෝදී සදාචාරයට හා මිනිස් අයිතිවාසිකම් වලටත් එරෙහි සාහසික හා පරාජිත යෝජනාවක් – කිරිඇල්ල කියයි.

🍎රංගෙ ගෙ කතාව ජනතා මනස වෙනතකට යොමු කරන්න කියපු එකක්. මේ පිටුපස කපුටෙක් ඉන්නවද සැකයි. මොකද එයාල මහ ඡන්දෙකට දැගලුවේ. එහෙම බැරිනම් ඡන්දෙ කල්දාන එක කපුටු සාස්තරක් ද දන්නෙ නෑ- නිරෝෂන් ප්‍රේමරත්න.

🍎ජනාධිපතිවරණ නිසි දිනයට නොතියා ජනමත විමසුම් වලින් ජනපති ගෙ කාලය දිගු කරන ප්‍රතිපාදන අපේ ව්‍යවස්ථාවෙ නෑ. එජාප මහලේකම් පිස්සුවක් මේ කියවන්නේ – අජිත් පී.

🍎ආණ්ඩුවෙන් මොන අපේක්ෂකය දැම්මත් කපෝතියි. ජිල්මාටි දාල හරි ගොඩ යන්න පුළුවන්ද බලන්නෙ ඒකයි. ව්‍යවස්ථාව ජිල්මාට් වලට ඉඩ දෙන්න හදල නෑ – සුජීව සේනසිංහ.

🍎සජබ ආර්ථික කමිටුව එක්ක විවාදෙට අපි දින 05 ක් දුන්නත් මාළිමාව හැංගුණා. හදුනෙත්ති ට ජනමාධ්‍ය කතා කලාමත් මග ඇරියා. අපි භාෂා තුනෙන්ම යළිත් ලියුමක් යැව්වා. විවාදෙන් ඉවත්වෙන බව මාළිමාව කියනවා. හපොයි – නලින් බණ්ඩාර.

🍎විවාදෙට චැලෙන්ජ් කළේ සජබ අපියි. විවාදෙන් කට්ටි පැන පැන ඉදලා අපෙන් බේරෙන්නම බැරිතැන රට හදන ආර්ථික සැළසුමක් නැති මාළිමාව ආර්ථික විවාදෙන් ඉවත්වන බව එයාලම ප්‍රකාශයට පත්කිරීම පුදුමයක් නෙවෙයි – අශෝක් අබේසිංහ.

🍎නිසි කලට ඡන්ද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයයි. කවුරු ආවත් නාස්තිය දූෂණය පිටුදැක මේ අසරණ ජනතාවයි රටයි ගොඩදාන්න කියලා මම වැදල ඉල්ලනවා. මම හැම තැනම ගිහින් පරිඝනක එකතු කරල දරුවන්ට දීල මට කල හැකිදේ අවංකව කරනවා – රන්ජන්.

🍎ශෝක පණිවිඩයක් ඉංග්‍රියෙන් ලියාගන්න බැරි කෙනෙකුට රටේ  නායකත්වය ගියොත් එයා ජාත්‍යන්තරය එක්ක වැඩ කරන්නෙ කොහොමද – මරික්කාර් අසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...