බත් පාර්සලයක අවම මිල 200 පන්නයි, මිනිස්සු වඩේ එකකින් වේල ෂේප් කර ගන්නවා – අසේල

Date:

වඩේ, පරාටා වැනි කෙටි කෑම වර්ග සඳහා තිබෙන ඉල්ලුම විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ආපන ශාලා හිමියන් පවසනවා.

සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ, ආපන ශාලාවලින් ආහාර ලබා ගන්නා බොහෝදෙනා පරාටා, වඩේ වැනි මිල අඩු ආහාර වර්ග පරිභෝජනයට යොමුව ඇති බවයි. මීට හේතු වී තිබෙන්නේ බත් පාර්සලයක අවම මිලද ජනතාවට දරාගත නොහැකි වීමයි.

මේ වනවිට එළවලු සමග පමණක් බත් පාර්සලයක මිල රුපියල් 200 ඉක්මවා තිබෙනවා. කුකුළු මස් සමග බත් පාර්සලයක් රුපියල් 300 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මාළු සමග බත් පාර්සලයක් 240 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ නිසා බත් පාර්සලයක් මිලදී ගැනීමද බොහෝදෙනාට අසීරු වී ඇති බවයි අසේල සම්පත් මහතා පෙන්වා දෙන්නේ.

බත් කෑම වෙනුවට අඩු මිල කෙටි කෑම වර්ගයකින් වේල පිරිමසා ගැනීමට ජනතාවට සිදුව ඇති බවත්, සාමාන්‍ය ජනතාවට සිය කුසගින්න නිවා ගැනීම කෙතරම් අර්බුදයක් වී ඇද්ද ඉන්න ඉන් පැහැදිලි වන බවත් අසේල සම්පත් මහතා සඳහන් කරයි.

තිරිඟු පිටි, පොල්තෙල්, ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල තවදුරටත් ඉහළ යා හැකි අතර මේ නිසා වඩේ, පරාටා වැනි ආහාර වර්ගවල මිලද ඉදිරියේදී ජනතාවට දරා ගැනීමට නොහැකි වනු ඇති බව ආපන ශාලා හිමියන් පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දයාසිරි පාර්ලිමේන්තුවේදී හෙළි කළ පාවෙන අවි ගබඩා කතන්දරේ…

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : පාවෙන අවි...

ලක්ෂ ගණනක් පලස්තීන ජාතිකයින් ගාසාව හැර පලා යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල හමුදා මෙහෙයුම්...

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...