ඉන්දියාවේ දැවෙන උණුසුම සහ ජලය නොමැතිකම හේතුවෙන් අසරණ වන දුප්පතුන්ගේ ජිවිත

Date:

සටහන: සශිකලා මධුෂාණි,ජුනි 01,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : දිල්ලියේ චානක්‍යපුරිහි මේවන විට සෙල්සියස් අංශක 49.9 හෝ ෆැරන්හයිට් 121 ක වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා වන අතර එහි මුඩුක්කුවල ජිවත් වන ජනතාවට පානිය ජලය පවා නොමැත.

ටකරන් වහල වලින් යුත් පැල්පත්වල බලාපොරොත්තු සුන් වූ ජනතාව පානීය ජලය ලබා දෙන තෙක් බලා සිටිති. ජලය ට්‍රක් රථවලින් බෙදා හැරියද එය ප්‍රමාණවත් නොවේ. කෙතරම් උණුසුම දැඩි වුවද ඔවුන් බොහොමයකට එළිමහනේ කම්කරු රැකියා කිරීමට සිදු වේ. වෙනත් විකල්ප නැත.

කෙසේ නමුත් වාර්තාගත උණුසුම උතුරු ඉන්දියාව ග්‍රහණය කරද්දී, දිල්ලි ආන්ඩුවට මෙම නොමිලේ ජල බෙදා හැරීම සලාක කිරීමට මේ වන වී සිදුව ඇති අතර ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණේ, දිල්ලියේ උෂ්ණත්වය පසුගිය සතිය පුරා සෙල්සියස් අංශක 40 ට වඩා ඉහළ මට්ටමක පැවති අතර අඟහරුවාදා එය අගනුවර එක් ප්‍රදේශයක සෙල්සියස් අංශක 49.9 ක සර්වකාලීන ඉහළම අගයක් වාර්තා කළ බවයි. එමෙන්ම, වයඹ සහ මධ්‍යම ඉන්දියාවේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 42 ඉක්මවන අතර සමහර නගර අංශක 50 සීමාවා ඇත.

මේ වන විට උෂ්ණත්වය ඉහලයාම හේතුවෙන් තාප ආඝාතය නිසා අවම වශයෙන් එක් මරණයක් වාර්තා වී ඇති ඔහුද 40 හැවිරිදි කම්කරුවෙකි. රට පුරා තවත් වාර්තා නොවූ මරණ ඇති බව විශ්වාස කරන අතර මේ සම්බන්ධයෙන් දිල්ලියේ රාම් මනෝහර් ලෝහියා (ආර්එම්එල්) රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය අජේ ශුක්ලා සඳහන් කර තිබුණේ, උෂ්ණත්වයේ මරණ අනුපාතය ඉතා ඉහළ යා හැකි බවත් එය 60% සිට 80% දක්වා ඉහල යා හැකි බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දවසක ජනතාව හොඳ කෙනෙක් තෝරගනී.. මොකද මේ රටේ නායකයන්ගේ හිඟයක් තියනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : තමන් සිංහල බෞද්ධාගම...

අමරකීර්ති අතුකෝරළ ඝාතනය : විත්තිකරුවන් 12 කට මරණීය දණ්ඩනය !

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ...

බැඩ්මින්ටන් ජාතික පුහුණුකරුගේ බරට රොහාන් උර දෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ වන විට බැඩ්මින්ටන්...

ගල් අඟුරු ආනයනයේ “අඳුරු” පැත්ත සොයා කෝප් කමිටුවෙන් විශේෂ මෙහෙයුමක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW : ඔබ දැනගත යුතුම...