අධික වැසි හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග යටවී වාහන ගමනාගමනයට සහ ජන ජීවිතයට බාධා!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 02 , කොළඹ (LNW): මතුගම- අලුත්ගම ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව තාවකාලිකව වසා දමා ඇත. දින ගණනාවක සිට පවතින අධික වැසි හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග යටවී වාහන ගමනාගමනයට සහ ජන ජීවිතයට බාධා එල්ල වී ඇති අතර, මේ වනවිට කොළඹ ආශ්‍රිතව මාර්ග යටවූ ස්ථාන 30කට ආසන්න සංඛ්‍යාවක් පමණ හඳුනාගෙන තිබෙන බව වාර්තා වේ.

එවැනි ස්ථාන තවදුරටත් ජලයෙන් යටවීම් වැළැක්වීමට තාවකාලික, කෙටි කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවත් කොළඹ නගර සභාව කටයුතු කරමින් සිටී. රත්නපුර නගරය ඇතුළු නගර කිහිපයක් ද ජලයෙන් යටවී ඇත. අධික වර්ෂාවත් සමඟ කැලණි, කලු, ගිං සහ නිල්වලා යන ගංගා අවට පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබේ. ඉදිරි පැය 48 තුළ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට, අයගම, ඇලපාත හා රත්නපුර යන ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට බලධාරීහු අනතුරු අඟවා ඇත.

එමෙන්ම කලුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩංගොඩ හා මිල්ලනිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම් ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසීය.ගිංගගේ ඉහළ ධාරා ප්‍රදේශවලට මෙන්ම කැලණිගඟ ඉහළ ධාරා ප්‍රදේශවලට ද සැලකිය යුතු වර්ෂාපතනයක් ඇතිවීම හේතුවෙන් ගංවතුර අවදානම ඉහළ ගොස් තිබේ. මේ අතර දිස්ත්‍රික්ක 10කට නායයාමේ අවදානම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේය.

අද(02) අලුයම 04 සිට හෙට අලුයම 04 දක්වා මෙම අනතුරු ඇගවීම් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කීය. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීමේ රතු නිවේදන නිකුත් කර තිබේ. එමෙන්ම මහනුවර, නුවරඑළිය, රත්නපුර, ගාල්ල, කෑගල්ල, හම්බන්තොට, මාතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 41ක් සඳහා එම නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මේ අතර පුවක්පිටිය එලිස්ටන්වත්ත , කැකිල්ල ප්‍රදේශයේ දී ගංවතුරට හසුවීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. දෙයියන්දර පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස්කන්දක් කඩාවැටීමෙන් තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ. අද දිනයේත් දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

වැලිපැන්න ප්‍රදේශය යටවී ඇති ආකාරය සහ ඒ හේතුවෙන් දක්ෂිණ අධිවේගයේ වැලිපැන්න පිවිසුම වසා දමා ඇති අයුරු පහතින් දැක්වෙන අතර, වැලිපැන්න මෙලෙස ජලයෙන් යටවී ඇත්තේ වසර ගණනාවකට පසුව බව ප්‍රදේශ‍වාසීන් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...