OPEC+ තෙල් නිෂ්පාදන කප්පාදුව 2025 දක්වා දීර්ඝ කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 03,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල සංවිධානයවන ඔපෙක්+ විසින් ඊයේ(02) දිනයේදී දිනකට බොර තෙල් බැරල් මිලියන 2.2ක ස්වේච්ඡා නිෂ්පාදන කප්පාදුවක් 2025 දක්වා දීර්ඝ කිරීමට එකඟත්වය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

පසුගිය දෙසැම්බරයේ ඔපෙක්+ මුලින්ම මෙම යෝජනාවට එකඟ වූ අතර එය මෙම මස අවසානයේ අවසන් වීමට නියමිතව තිබිණි.

සෞදි බලශක්ති අමාත්‍ය අබ්දුල්අසිස් බින් සල්මාන් වාර්තාකරුවන්ට සඳහන් කර තිබුණේ, පොලී අනුපාත පහත වැටෙන තෙක් සහ ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් වඩා හොඳ ගමන් පථයක් නිර්මාණය වන තුරු සිය සංවිධානය මෙම තීරණය ගනු ලැබූ බවයි.

පවතින මන්දගාමී ඉල්ලුම හේතුවෙන් ඔපෙක් + ස්වේච්ඡා කප්පාදුව මාස කිහිපයකින් දීර්ඝ කරනු ඇති අතර ඇල්ජීරියාව, ඉරාකය, කසකස්තානය, කුවේට්, ඕමානය, රුසියාව, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ස්වේච්ඡා වෙන් සිය තෙල් නිෂ්පාදනයන් කප්පාදු කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව තීනියාවල පාලිත හිමි ගොනු කළ මූලික අයිතිවාසිකම් නඩුව ඉවතට!

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...