රනිල්ව ජනාධිපති හැටියට පත් කළේ ඊළඟ ඡන්දය දක්වා පමණයි. ඒක එතුමාත් දන්නවා – නාමල්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති ධුරයට පත්කර ගත්තේ මීළඟ මැතිවරණයක් දක්වා පමණක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

“අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපතිවරයා හැටියට පත් කළේ පැහැදිලිවම ඊළඟ මැතිවරණය දක්වා පමණයි. ඒක එතුමාත් දන්නවා, අපිත් දන්නවා. ඒ වගේම තමයි ඉදිරි මැතිවරණවලට අපි ක්‍රියාත්මක වීම සම්බන්ධව අපි අපේ පාක්ෂිකයො එක්කත් පක්ෂය එක්කත් තව සාකච්ඡා කළ යුතුයි. දැන් ඉන්න ජනාධිපතිවරයා ඉල්ලනවාද නැද්ද කියන්න එපැයි ඉස්සෙල්ලා. එතුමා ධුරයේ ඉන්න කාලෙ අපි එතුමාව දාන්නෙ නෑ කිව්වොත් මොකක්ද වෙන්නෙ ? ආණ්ඩුව කඩන් වැටෙනවානෙ … මගේ වගකීම සූට් මහගෙන ඉන්න හැමෝටම සූට් එක අඳින්න පුළුවන් වෙන්න මම පක්ෂය හදලා දෙන්නම්, හොඳ කෙනෙක්ට සූට් එක අන්දමු අපි”

නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) ගම්පහ ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

භූ කම්පනයක් හේතුවෙන් ලොව විශාලතම පතල කඩා වැටේ; එක් අයෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චිලියේ ඇතිවූ රික්ටර්...

ජනාධිපති ට්‍රම්ප් රුසියාවට එරෙහිව න්‍යෂ්ටික ප්‍රහාරයක් දියත් කිරීමට සුදානම් බව කියයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 02; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ හිටපු ජනාධිපති...

රේගුවෙන් ඉතිහාසගත වාර්තාවක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW : රේගු දෙපාර්තමේන්තුවෙන් ...