තෙල් මිල අඩු වුවත් බස් ගාස්තු අඩු නොවන්නේ ඇයි?

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජුනි 04 , කොළඹ (LNW): අද (04) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු නැඟු පැනයට පිළිතුරු ලබා දෙමින්, බස් ගාස්තු තීරණය කිරීම සඳහා දේශපාලන වශයෙන් මැදිහත්වීමේ කිසිඳු හැකියාවක් නොමැති බවත්, බස් ගාස්තු තීරණය කිරීමේ අයිතිය තිබෙන්නේ ජාතික ගමනා ගමන කොමිසම් සභාවට බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

මෙහි දී අමාත්‍යවරයා සඳහන් කළේය., ව්‍යවස්ථාදායක විසින් සම්මත කර දී තිබෙන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත අනුව බස්ගාස්තු තීරණය කිරීම පිලිබඳ බලය තිබෙන්නේ ජාතික ගමනාගමන කොමිෂන් සභාවට බවත්, කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් නිර්ණායක 14 ක් පදනම් කරගෙන බස් ගාස්තු වෙනස් කිරීමේ සුත්‍රයට අනුව බස්ගාස්තු තීරණය කිරීම සිදු කරන බවත්

ඛනිජ තෙල් මිල අඩු වූ පමණින් බස් ගාස්තු අඩු නොවන බවත්, අනිකුත් සංරචකත් සමඟ තාක්ෂණික වශයෙන් ගණන් බැලීමේ නිළධාරීන් හා අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කර ජාතික ගමනාගමන කොමිසම විසින් බස් ගාස්තුව තීරණ කරනු ලබන බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...