පොහොට්ටුවෙන්, ශ්‍රීලනිපෙන් තවත් 3ක් සමඟියට!

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරු කිහිපදෙනකු සමඟි ජන බලවේගය සමඟ එක්ව තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ රට ගොඩනගන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා ඔවුන් එක්ව සිටින බවයි සමඟි ජන බලවේගය පවසන්නේ.

එම පිරිස අතර වයඹ පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා සිටින අතර ඔහු වයඹ පළාත් මහඇමතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද්දෙකි.

වයඹ පළාත් සභාව අහෝසි වන තුරුම එහි මහඇමතිවරයා ලෙස ඔහු කටයුතු කළ අතර එසේම බිංගිරිය ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායක ධුරයේ ද ඒ මහතා කටයුතු කර තිබේ.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක සමන්ත ප්‍රදීප් කුමාර මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්විය.

ඔහු සමගි ජන බලවේගයට එක්වෙමින් අනතුරුව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධුරයට පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර තිබේ.

ඊට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොතුවිල් ආසනයේ කැඳවුම්කරු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොතුවිල් ආසනයේ හිටපු ප්‍රධාන සංවිධායක, පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු විපක්ෂ නායක අබ්දුල් මජීඩ් මහතා ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය පළ කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය හා එක්ව සිටින අතර ඔහු පොතුවිල් ආසනයේ සම සංවිධායක ධුරයට පත් කිරීමටද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කර ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...