*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

ඇමෙරිකානු විදේශ සේවා සැදෑවෙන් ලංකාවට වාසි රැසක්!

අශෝක ජයතුංග වොෂින්ටන් DC

තානාපති මහින්ද කල කතාවට පැසසුම් ගලයි.

 ඇමෙරිකානු විදේශ සේවා ජාත්‍යන්තර සංවිධානය ශ්‍රීලංකා තානාපති පරිශ්‍රයේදී එම සාමාජිකයන් 150 ක පිරිසකට සූදානම් කල සැදෑ සාදය ශ්‍රී ලංකාවට ඉහළ ප්‍රචාරක වාසියක් ගෙනා අවස්ථාවක් විය. ඒ සදහා සියලු වියදම් එම සංවිධානය දැරීම ද විශේෂත්වයකි.

 විශේෂයෙන් තානාපති මහින්ද සමරසිංහ මහතා එහිදී කල කතාව ඇමෙරිකානුවන් හා ලාංකිකයන් ගේ දැඩි ප්‍රසාදයට ලක්වූහ.

      “ලංකාව හා ඇමෙරිකාව අතර ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික බැදීමට වසර 75 පිරීමේ සමරුව ගිය වසරේ වොෂින්ටන් හා කොළඔදීත් ඉහළින් සැමරුවා. 1948 ලංකාවට ලැබුණු නිදහසින් පසු ඇමෙරිකාව හා  සෙසු ප්‍රධාන රටවල් සමග සබදතා ඇරඔුවා. නමුත් ඊටත් පෙර බ්‍රිතාන්‍ය යටත් සමයේ ඇමෙරිකානු මීෂනාරීන් ලංකාවට ගිහින් විශේෂයෙන් උතුරේ රෝහල් පාසල් හා විවිධ සමාජ සේවා කටයුතු සිදු කොට තිබෙනවා” සමරසිංහ මහතා කීවේය.

      වැඩි දුරටත් කතාකල ඒ මහතා ,“19 වන සියවසේ අවසානයේ  ඇමෙරිකානුවෙකු වන කර්නල් හෙන්රි ස්ටීල් ඔිල්කට්තුමා ලංකාවට පැමිණ පුමුඛ බෞද්ධ භික්ෂූන් සමග එක්ව බුදු දහමේ පෝෂණයට කැපවුණා. ලොව සුපතල බෞද්ධ කොඩිය නිර්මාණය කලා. ආනන්ද මහින්ද ධර්මරාජ මියුසියස් ඇතුළු ලංකාවේ බෞද්ධ අධ්‍යාපනයේ කොදුනාරටිය බදු පාසල් බිහිකලා. ඔිල්කට් නාමයට අදත් ලංකාවේ ඉහළින් ගරු කෙරෙනවා”

        “ලංකාව “සිලෝන්” ලෙස හැදින් වූ යුගයේ මහබැංකුවක් පිහිටවීමේ අත්දැකීම් නැති නිසා ඇමෙරිකාවේ භාණ්ඩාගාරය උදව් කලා.  ජෝන් එක්ස්ටර් මහතා එවා අදාළ නීති පවා හැදුවා. ලංකාවේ පළමු මහබැංකු අධිපති වුණෙත් ඔහුයි. ඇමෙරිකානු සහායෙන් බිහිවූ IMF අද ලංකාවටත් විශාල සහායක් ලබා දෙනවා. පසුගිය කාළෙ ඇතිවූ ආර්ථික අර්බුදයෙන් මිදෙන්න අපට එය ලොකු රුකුලක් වුණා. අද ධවල මන්දිරය කැපිටල් හිල් භාණ්ඩාගාරය ලෝක බැංකුව IMF ගියාම ලංකාව කෙටි කලකින්  අර්බුදයෙන් මිදීමට කල ප්‍රාතිහාර්ය ගැන අපට සුබ  පතනවා”

      “ලංකාව සෙරන්ඩිබ්, ඉන්දියන් සාගරයේ මුතු ඇටය හා මැණික ලෙසත් හදුන්වන්නේ ඒතරමටම ලස්සන රටක් නිසයි. බටහිර වර්ජිනියා ප්‍රාන්තය හා ලංකාව ප්‍රමාණයෙන් සමානයි. සැතපුම් 800 ක් දිග මනරම් වෙරළක්, යුනෙස්කෝව නම් කල ලෝක උරුම 08 ක් , ජාතික වන උද්‍යාන 15 ක් ලංකාවෙ තියෙනවා. ජලයේ හා ගොඩබිම වෙසෙන ලොකුම සත්වයන් දෙදෙනා නිල් තල්මසා හා අලියා ලංකාවට එන අයට පහසුවෙන් බලන්න පුළුවනි. වී තේ පොල් රබර් කුරුදු හා කුළුබඩු එළවලු පළතුරු අලවර්ග රැසක් ලංකාවේ වැවෙනවා. ලංකාවට ආවොත් මෙිවා භුක්ති විදිය හැකියි”

       “ලංකාවේ සමාජය තුළ ජාති ආගම් හා සංස්කෘතික විවිධත්වය පවතිනවා. පහතරට උඩරට උතුර දකුණ ආදී ප්‍රදේශ වලට ආවේනික නර්ථන බෙර වාදන සංගීතාංග හා සංස්කෘතිතාංග  බහුලයි. ඒවායේ වචන නොතේරුණත් ඔබට එහි ශ්‍රවණය තුළින් පමණක් විශාල රස වින්දනයක් දැනේවි. ඒවා අසමින් නටන්න. ඒත් මෙතන තියෙන පොකුණට වැටෙන්න එපා. ඉහළ ආහාර සංස්කෘතියකුත් ලංකාවට තියෙනවා. අද ඒවාත් භුක්ති විදින්න”

       “මේ වසර අග 03 % ක වර්දනයක් ලංකාවට ලැබෙනවා. ඩො මිලි 200 ක බංකොලොත් තැනකට අපි වැටුණා. ඊට වඩා 10 – 15 ගුණයක ධනවතුන් රැසක් ඇමෙරිකාවෙ ඉන්නවා. කෝවිඩි හා ඒ තුළ අපනයන වැටීම පාස්කු පුහාර නිසා සංචාරකයන් නොපැමිණීම  නිසා හා වසර ගණනක් තිබූ වැරදි ආර්ථික කලමනාකරණය තුළත් වැටුණු රට අද ගොඩ යමින් තිබෙනවා. ඩොලර් හිගය නිසා ඉන්දන ගෑස් ඖෂධ පොහොර ගෙන්වීමට තිබූ නොහැකියාවෙන් රට දැන් මිදීලා. ලක්ෂ ගණන් සංචාරකයන් දැන් ලංකාවට එනවා. ලොව හොදම සංචාරක ගමනාන්තයක් ලෙසත් කාන්තාවන්ට තනියම යා හැකි හොදම රටක් ලෙසත් ලංකාව වර්ගවී තිබෙනවා. ඇමෙරිකානු සංචාරක සමාගම් රැසක් සමග තානාපති කාර්යාලය කටයුතු කරනවා. ගිය වසරට වඩා විශාල පිරිසක් ලංකාවට යැවීමට හැකි වෙන බව විශ්වාසයි” තානාපති සමරසිංහ මහතා  පැවසීය. ලාංකික සංගීතය නර්ථන හා සංස්කෘතිකාංග රැසකින් එම සැදෑව වර්ණවත් වූහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan