මොන බොරුද හොරු අල්ලන වැඩේ දේශපාලකයින්ට කරන්න බැහැ – SJB හර්ෂ

Date:

කොළඹ LNW:හොරු අල්ලන වැඩේ දේශපාලකයින්ට කරන්න පුළුවන් දෙයක් නොවන අතර එය ස්වාධීන ආයතනයකට භාර දිය යුතු වැඩක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඇතැමුන් හොරු අල්ලන බවට කයිවාරු ගැහුවද එය දේශපාලකයින්ට කරන්න බැරි දෙයක් බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

”සමහරු බොරු කතා කයිවාරු ගැහුවට හොරු අල්ලන වැඩේ දේශපාලඥයට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දැන් මම මේක කිව්වම මට ගහනවා. දේශපාලඥයෝ ඉන්නේ හොරු අල්ලන්න නෙවෙයි. දේශපාලඥයෝ ඉන්නේ අවශ්‍ය නීතිය සම්පාදනය කරලා හරි ආයතනික පද්ධතියක් නිර්මාණය කළා නම් ඒ ස්වාධීන පුද්ගලයෙක්ට තමයි දුෂණයට වංචාවට එරෙහිව වැඩ කරන්න පුළුවන් වෙන්නේ. දැන් නඩු දානවා පත්තරේ TV එකේ දානවා ටික දවසකට පස්සේ මෙන්න බොලේ නිදොස් කොට නිදහස් කරලා. බොහෝ දෙනාට නඩු දැම්මට නඩු ඉල්ලා අස්කරගන්නවා. මේක විහිළුවක් වෙලා. ඒ නිසා ඇත්තටම වංචාකාරයෝ දුෂිතයෝ අල්ලලා හිරේ දාන වැඩේ දේශපාලකයෝ කරන්න ඕන දෙයක් නෙවෙයි ස්වාධීන ආයතනයකට තමයි ඒ වැඩේ භාර දෙන්න ඕනේ.” යනුවෙන් හර්ෂ ද සිල්වා මහතා තවදුරටත් කියාසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පළාත් පාලන කොමසාරිස්ගේ අභිමතයට අභියෝග කරන්න හැකියාවක් නැහැ – මැ. කො ප්‍රශ්නය විසඳයි!

කොළඹ LNW:පළාත් පාලන ආයතනවල සභාපතිවරු සහ උපසභාපතිවරු තෝරා ගැනීමේ...

මිලාන් රත්නායකට එක්දින වරම්…?

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: අද දිනයේ පැවත්වෙන් ශ්‍රී...

ඩේසි ෆොරොස්ට් සහ යෝෂිතට අධි චෝදනා භාර දෙයි!

රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ LNW : අද (02) දින...