අපි කොදෙව්වන්ට මුහුණ දෙන්ය සැහැල්ලුවෙන් සූදානම් – නායිකා චමරි අතපත්තු

Date:

සටහන – නිශ්මං රණසිංහ

ජුනි 12, කොළඹ (LNW):

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ වන තරගාවලිය සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝලීන් විශාල වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් තබා ඇති බලාපොරොත්තු පීඩනයක් ලෙස නොගන්නා බවත්,එය සැහැල්ලුවෙන් ගෙන තරගාවලියට මුහුණ දීමට කටයුතු කරන බවත් චමරි අතපත්තු පවසන්නීය.එසේම මේ තරගාවලිය වන විට පසුගිය කාලයේ දැක් වූ දස්කම් සමඟ තරග දිනවන්න දායක විය හැකි තරුණ ක්‍රීඩිකාවන් පෙරට පැමිණ තිබීම ගැනත් චමරි ඉතා වැදගත් කොට අදහස් දැක් වූවාය.

විශ්මි ගුණරත්න,හර්ෂිතා මාධවී,කවීශා දිල්හාරි සහ නිලක්ෂි සිල්වා යන ක්‍රීඩිකාවන්ගේ නම් සඳහන් කරමින්ය අලුත් නැගිටීම ගැන සඳහන් කළ චමරි,සුළු සුළු දේ අත් නොහැරි නිවැරදින කිරීම කණ්ඩායමේ අපේක්ෂාව බවත්,ශ්‍රී ලංකාව මෙන්ම ගෙවුණු කාල සමයේ හොඳින් ක්‍රීඩා කර ඇති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ද මේ මොහොතේ ඉදිරියෙන් සිටින කණ්ඩායමක් බව ද පැවසුවාය.

කොදෙව් සංචාරය සඳහා අනුග්‍රහය දක්වන අනුග්‍රාහකයන් හඳුන්වාදීම වෙනුවෙන් මෙම මාධ්‍ය හමුව සූදානම් කර තිබුණු අතර මෙම අවස්ථාවට HONOR ජංගම දුරකතන සමඟ එකතු වන සිංගර් ලංකා පීඑල්සී ද,සන්ක්වීක් පානය ද,නිපොන් පේන්ට් ආයතනය ද නියෝජනය කරමින් පිරිස එක්ව සිටි අතර මේ සමඟ ඇති ඡායාරූප නැරඹීමට මෙන්ම පහත සබඳතාවයෙන් එම අනුග්‍රාහකත්වය පිරිනැමීමේ උත්සවයට අදාළ යූටියුබ් වීඩියෝව ද මෙහි දක්වා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රවීණයන්ගේ සටන්වලදී බටර්ෆ්ලයි අයෝමිට ත්‍රිත්ව සූරතා නූලෙන් මඟ හැරෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ප්‍රවීණයන්ගේ සංගමය විසින් මෙහෙයවන...

ඇමරිකාවේ මීළඟ ඉළක්කය ගැන ඔබ සත්‍යවශයෙන් දැන සිටියාද?

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

බලය අරන් ළඟ ළඟ මෙච්චර වැඩක් දෙයි කියලා හිතන්න අමාරුයි. ඒත් …..

බලය අරන් ළඟ ළඟ මෙච්චර ගානකට අරියි කියලා හිතන්ට...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියන්න විමල් නුවර යයි. සජබ කතරගම පොල් ගහන්න යයි !

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මතුව ගැන ගැටලු ගැන මහානායක හිමිවරුන්...