ශ්‍රේෂ්ඨාධිකරණයට පැෆ්රල් සංවිධානයෙන් පෙත්සමක්!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 13 , කොළඹ (LNW):

පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙන බව වාර්තා වේ.

ඒ පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් භාවිත කිරීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලමිණි.

ඒ අනුව, පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන අපේක්ෂකයින්ට ඔවුන්ගේ කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා රාජ්‍ය සම්පත් භාවිත කිරීමට ඉඩ නොදෙන ලෙස රජයේ ආයතන හා එහි ප්‍රධානීන්ට උපදෙස් දෙන්නැයි ඉල්ලා සහ මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන උපදෙස් මාලාව අනුව කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම ජුලි මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙන බව වාර්තා වේ.

මෙම පෙත්සම  අගවිනිසුරු ජයන්ත ජයසූරිය, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි  කැඳවා ඇති අතර, එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියම කළේ අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින්, ජනාධිපති ලේකම්වරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...