බයක් සැකක් නැති බෞද්ධ නායකයෙකුයි දැන් අපට ඕනේ – පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

කොළඹ LNW:ඕනෑම ප්‍රශ්නයකදී බයක් සැකක් නොමැතිව ඉදිරියට යන බෞද්ධ නායකයෙක් අවශ්‍යව තිබෙන බව පැවිදි හඬ සංවිධානය වෙනුවෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ පැවසූහ.

ඒ, අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

රට මුහුණ දී තිබෙන ව්‍යසනය තුරන් කළ හැකි බෞද්ධ ජනතාව පෙළගැස්විය හැකි බෞද්ධ නායකයෙක් අවශ්‍යව ඇති බවයි උන්වහන්සේ පැවසුවේ.

”දැන් භික්ෂු නායකත්වයකුත් නැහැ. බෞද්ධ නායකත්වයකුත් නැහැ. ජාතික නායකත්වයකුත් නැහැ. දේශපාලන නායකත්වයකුත් නැහැ ඒ නිසා අපි කල්පනා කළා කොහෙන් හරි මේක මතුවෙලා එන්න ඕනේ කියල. හැමකෙනාම කියන්නේ දියසෙන් කුමාරයා මතුවෙලා එයි. ඔක්කොම හැදෙයි කියල තමයි සමහරුන්ගේ මතය. දැන් දියසෙන් කුමාරවරු ගොඩක් පහළ වුණා. අපි මධ්‍යස්තව ඉඳගෙන දේශපාලඥයින්ගේ අතකොලු වෙන්නේ නැතුව හොඳ අවංක විනිවිදභාවයකින් යුක්තව කටයුතු කරන ඕනෑම ප්‍රශ්නයකදී බයක් හැකක් නැතුව ඉදිරියට ගිහිල්ල මම බෞධයෙක්ය කියන නාමය දරාගෙන මේ ව්‍යසනය තුරන වෙන්න බෞද්ධ ජනතාව පෙළගස්වන්න පුළුවන් බෞද්ධ නායකයෙක් අවශ්‍ය වෙලා තියෙනවා.” යනුවෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...