උතුරේ ජනතාවට නියම නිදහස දුන්නෙ මහින්ද රාජපක්ෂ – නාමල්

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 15 , කොළඹ (LNW):

කොටි ත්‍රස්තවාදීන් පරාජය කර උතුරට හා නැගෙනහිර ජනතාවට නියම නිදහස ලබා දුන්නෙ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි .ඔහු මේ බව ප්‍රකාශ කලේ මාධ්‍ය විසින් 13 වැනි සංශෝධනය පිලිබදව යොමු කරන ලද ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමිණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

” මම දැක්කා සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක උතුරට ගිහින් කියනවා 13වැනි සංශෝධනය ක්‍රියාත්මක කරනවා කියලා.නමුත් මම කියන්න කැමතියි උතුරු නැගෙනහිර ජනතාවට කොටි ත්‍රස්තවාදීන් පරාජය කර නියම නිදහසක් අත්කර දුන්නෙ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා.ඒ වගේම උතුර නැගෙනහිර ජනතාවට ඡන්දය ප්‍රකාශ කර 13 වැනි සංශෝධනය හරහා ඔවුන්ට කැමති මහ ඇමතිවරයෙක් හා පළාත් සභා නියෝජිතයින් පත් කරගන්න අවස්ථාව හදලා දීලා තියෙනවා.කොටි ත්‍රස්තවාදීන් උතුරේ ඡන්ද අයිතිය පවා සීමා කරලා තිබ්බෙ.ඔවුන් ඉල්ලුවේ පළාත් සභාවක් නෙවෙයි වෙනම රටක්.

13 වෙනි සංශෝධනය දැනටමත් ක්‍රියාත්මකයි.උතුරේ ඡන්ද බලාගෙන දේශපාලන වාසි බලාගෙන ඡන්ද කිට්ටු කරලා අනෙකුත් පක්ෂ මේ වගේ කතා කිරීම ගැන ඇත්තටම කණගාටු වෙනවා.ඔවුන් අඩුම ගානේ උතුරේ සංවර්ධනයක් ගැනවත් කතා කලේ නෑ.නමුත් අපේ රජය කාලෙ තමයි උතුරු වසන්තය නැගෙනහිර නවෝදය වගේ සංවර්ධන වැඩසටහන් ආරම්භ කලේ.ඉතින් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න කලින් පළාත්සභා ඡන්දය තියන්න ඕනෙ.ඒ ගැන කවුරුත් සද්දයක් නෑ.දහතුන ක්‍රියාත්මක කරන්න කලින් අපි ඒ පිලිබදව වැඩිදුර අධ්‍යනයක් කල යුතුයි.ඒ වගේම 13 සංශෝධනය ඡන්ද කිට්ටුකරලා දේශපාලන අතකොලුවක් ලෙස භාවිතා නොකරන මෙන් ඉල්ලා සිටිනවා මොකද ඔවුන් මේ සෙල්ලම් කරන්නෙ උතුරෙ ජනතාවගෙ හැගීම් එක්ක”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...

හිටපු ආගමන විගමන පාලක වරද පිළිගනී. දඬුවම් නියම කිරීමට දින දෙයි !

සටහන - රුවන් නෙළුගොල්ල විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය විදේශීය...

ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක්

මාසික ගෑස් මිල සංශෝධනය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක්...