IMF පිටු 94 වාර්තාවට ආණ්ඩුව තනි පිටුවකින් උත්තර යවලා – විපක්ෂ නායක සජිත් (VIDEO)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාව පත්ව ඇති තත්වය පිළිබඳව ඉතාමත්ම හරවත් දීර්ඝ පිටු 94ක වාර්තාවක් එළි දක්වා ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ආණ්ඩුව අදාළ වාර්තාවට ප්‍රතිඋත්තර තනි කොළයකින් යවා ඇතැයි පවසයි.

රට ගොඩනැගීම සහ ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ තියෙන දැනුම බුද්ධියේ තරම එයින් හොඳ හැටි ඔප්පු වන බව පැවසූ විපක්ෂ නායකවරයා රාජතාන්ත්‍රික ගනුදෙනු සම්බන්ධව ආණ්ඩුව ඇත්තේ අවාසනාවන්ත තත්ත්වයක බව ද සඳහන් කළේය.

ගොවිතැනේ දී වුව මිත්‍යාවට වඩා විද්‍යාවට මුල්තැන දීම වැදගත් බව පැවසූ විපක්ෂ නායකවරයා, වි පර්යේෂණ ආයතනය මගින් වසර 11ක් තිස්සේ කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලය වන්නේ කාබනික පොහොර පමණක් භාවිතා කිරීමෙන් අස්වැන්න බරපතළ ලෙස අඩු විය හැකි බව යැයි ද පෙන්වා දුන්නේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සූරියවැව ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක සුභක ප්‍රදීප් මහතා සංවිධානය කරන ලද සූරියවැව ව්‍යාපාරික හමුවට ඊයේ (27) එක්වෙමිනි.

ශ්‍රේණිගත කිරීම් තුළින් රටක් පහලට දැමීමේ ප්‍රතිඵලය වන්නේ ජාත්‍යන්තර ණය මුදලක් පවා ලබා ගැනීමේ හැකියාව අහිමි වී යාම බව පැවසූ විපක්ෂ නායකවරයා අද ශ්‍රී ලංකාවට අත්විඳින්නට සිදුව ඇත්තේ එකී ඉරණම යැයිද පැවසීය.

ශ්‍රී ලංකාව ණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් විශ්වාසනීයත්වයක් ගොඩනඟා ගැනීමට අපොහොසත්ව ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා, අද වන විට ආණ්ඩුව කරන්නේ රට වෙන්දේසි කරන ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම බවත් ප්‍රකාශ කළේය.

ලංකාවට ඩොලර් ලබාදෙන සියලු අංශ අතරමං තත්ත්වයට පත්ව ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඒ නිසා ලංකාව බරපතළ ඩොලර් අර්බුදයක ගිලී සිටින බව ද පෙන්වා දුන්නේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...