මන්දපෝෂණයෙන් දුක් විඳින ගාසාවේ දරුවන්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

ගාසා දරුවන් පනස්දහසකට පමණ, මන්දපෝෂණය සඳහා හදිසි ප්‍රතිකාර අවශ්‍ය බව ජගත් සංවිධානය නිවේදනය කරයි.

ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ, ආහාර ඇතුලු අත්‍යවශ්‍ය මානූෂිය ආධාර බෙදා හැරීමට ඊශ්‍රායල හමුදා ඉඩ ලබා නොදීම හේතුවෙන් ගාසා වැසියන් දැඩි අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින බවයි.

කුඩා දරුවන් 50000කට අධික සංඛ්‍යාවකට හදිසි ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය බව ද ඔවුන් පවසා සිටී.

ගාසා තීරයට මානූෂිය ආධාර ලබාදීමට ඊශ්‍රායලය අඛණ්ඩව බාධා කිරීම හේතුවෙන් තත්ත්වය දිනෙන් දින බරපතළ අතට හැරෙමින් පවතින බවයි එම සංවිධානය නිවේදනය කරන්නේ.

එමෙන්ම ලොව මෙතෙක් ඇති වු කිසිදු යුද ගැටුමකට වඩා ගාසා තීරයේ දී සහන සේවකයින් රැසක් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් ජිවිතක්ෂයට පත්ව ඇති බව ද ජගත් සංවිධානය තවදුරටත් නිවේදනය කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිට්ලර්ගේ DNA අධ්‍යයනය කිරීම සාධාරණ ද? නැතිනම් එය අතහැර දැමිය යුතුව තිබුණා ද?

ඇඩොල්ෆ් හිට්ලර්ගේ රුධිරය පිළිබඳ පෙරළිකාර DNA පරීක්ෂණ මගින් එම...

අද සියලුම ප්‍රාදේශීය ලේකම්වරු කොළඹට කැඳවයි!

දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් අද (22)කොළඹ දී විශේෂ...

Nahdlatul Ulama ඉස්ලාමීය සංවිධානයෙන් එහි සභාපතිවරයාට බලපෑම්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 22, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ විශාලතම ඉස්ලාමීය...