ජල නළයක් පුපුරා යයි,ලක්ෂයකට අධික නිවාස සඳහා ජලය අත්හිටුවයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 17 , කොළඹ (LNW):

කලටුවාව ජලාශයේ සිට මහරගම දක්වා ජලය රැගෙන එන නළයක් පුපුරා යාම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට නැවත දැනුම් දෙන තුරු ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

එම මණ්ඩලය සදහන් කරන්නේ, ගොඩගම,  හෝමාගම,  පන්නිපිටිය,  රුක්මල්ගම,  පැලන්වත්ත සහ මත්තේගොඩ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

ලක්ෂයකට අධික නිවාස ඒකක සදහා මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර එය යථා තත්ත්වයට පත් කිරීම හැකි ඉක්මනින් සිදුකිරීමට කටයුතු යොදා තිබෙන බව ද පැවසේ .

හයිලෙවල් මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්න ප්‍රදේශයේ දී මෝටර් රථයක් ජල නළයක වැදී සිදුවු අනතුරකින් මෙම තත්ත්වය ඇති වී තිබෙන බව වැඩිදුරටත් තොරතුරු සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...