ලක්ෂ 95ක ජන්ද පදනමකට අපිට යන්න පුළුවන් – රවී

Date:

කොළඹ LNW:සියලු පක්ෂවල සහයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ජන්ද ලක්ෂ 95ක ඉලක්කයට යා හැකි බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් රවී කරුණානායක මහතා පවසයි.

රට තුළ විවිධ බිල්ලන් මැවීමෙන් පලක් නැති අතර ගොඩනැගිය යුත්තේ නොවැටෙන ආර්ථිකයක් බවයි කරුණානායක මහතා සඳහන් කරන්නේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය ලැබීමේ සහනය හිමිවන්නේ ජනතාවට වන අතර මේ වන විට මූල්‍ය විනයක් සහිතව රට ඉදිරියට යමින් තිබෙන බවද ඔහු ප්‍රකාශ කරයි.

”IMF වාරිකය ලැබුණා. මේකේ සහනය ලැබෙන්නේ ජනතාවට. අපි මූල්‍ය විනයක් එක්ක හරි මාර්ගයේ යනවා. ජනාධිපතිතුමා හරි මාර්ගයේ යනවා. රට බංකොලොත් වුණාම එළියට එන එක අමාරුයි. නමුත් අපි ඒක කරගෙන යනවා. ඉඩම් බදු ගැන කතා කරනවා. නමුත් මේක ලොකු දෙයක් නොවෙයි. හැම ගෙදරකටම බදු ගහන්නේ නෑ. වාණිජ කාරණා සදහා යොදාගන්නා නිවාස සදහා පමණයි ඒ බදු අය කරන්නේ. ඒ නිසා බිල්ලෝ මවන්න හොද නෑ. අපි හදන්න ඕන නොවැටෙන ආර්ථිකයක්. අපනයනය අපි ඇති කළ යුතුයි. අපනයනය වැඩි කළ යුතුයි. අද රටේ ප්‍රසම්පාදන ක්‍රම සදහා නීති පද්ධතිය අලුත් කරන්න ඕන. හරි වෙලාවට හරි තීන්දු ගත්තේ නැත්නම් ඒ ගැටලුවට මුහුණ දෙන්න වෙන්නේ ජනතාවට. අනිත් පක්ෂ හැමඑකටම බනිනවා හැරෙන්න වැඩපිළිවෙලක් ලබා දෙන්නේ නෑ. විනෝද බද්දත් යම් ප්‍රමාණයකට බලපෑවා. ඒක අහෝසි කර තිබෙනවා. වාහන ආනයන සීමා ඉවත් කිරීම ගැන කතා වෙනවා. නමුත් මේ නිසා ඩොලර් කාන්දු වීමක් වුනොත් ගැටලුවක්. රටට කාර් ගේන එක නොවෙයි වැදගත්. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමයි. වැරදි මතයක් ගියොත් ඒක ඩොලර් එකට බලපාවි. IMF ගිවිසුම් වෙනස් කරන්නේ මොනවටද කියලා මම අහන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන හැමදේම අපි කරන්න ඕන නෑ. ඒ නිසා වාහන ආනයනය සුදුසු නැහැ. ඩොලර් එක අඩු වෙලා. නමුත් වෙලදපොලේ බඩු මිල අඩු වෙලා නෑ. මේවා ගැන මාධ්‍ය හොයන්න ඕන. පාරිභෝගික අධිකාරිය මේවා හොයන්න ඕන. අපි ශ්‍රී ලංකාව කියන්නේ නිධානයක් උඩ ඉදන් හිගා කන ජාතියක්. 13 ක්‍රියාත්මක කරනවා යාපනය හදනවා කියලා විපක්ෂ නායක කියනවා. උතුරට ගිහින් එකක් කියනවා. දකුණට ඇවිත් එකක් කියනවා. ලංකාවටම ඕන එක වැඩපිළිවෙළක්. රටේ බංකොලොත්භාවය ඉවත් වීම කියන එක IMF ප්‍රකාශයෙන් පේනවා. සියලු පක්ෂ එකතු කරන් සහය අරන් ජනාධිපතිවරණය තුළින් ලක්ෂ 95 ක් ගන්න පුලුවන්.” යනුවෙන් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගැසූ ගල් අත්තිවාරමට ගෙන බවුමා හැඳූ විජයග්‍රහණයේ මාළිගය

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: දකුණු අප්‍රිකාව කාලයක ඉදලා...

Sarkozy ට අහිමි වුණු “Legion of Honour”සම්මානය!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ප්‍රංශයේ සාකෝසිට ජාතියේ...

කෘත්‍රීම බුද්ධිය භාවිතය පිළිබඳව විශේෂ වැඩමුළුවක්

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : අද (15)දින අරලියගහ...

ඉරාන ඊශ්‍රායල් නොනිවෙන ගිනිදැල්!

රෂිකා හෙන්නායක ජූනි 15, කොළඹ LNW : ඊශ්‍රායලය විසින් තෙල්...