වසර 24කට පසු රුසියානු ජනාධිපති පුටින් උතුරු කොරියාවේ සංචාරයක

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 18,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වසර 24කට පසු ප්‍රථම වරට උතුරු කොරියාවේ මිත්‍රශීලි සංචාරයක නිරත වන බව ක්‍රෙම්ලිනය සඳහන් කර තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී රුසියානු ජනාධිපතිවරයා හා උතුරු කොරියානු ජනන්ධිපතිවරයා රුසියානු නගරයක් වන ව්ලැඩිවොස්ටොක්හිදී හමු වූ අතර මෙවර සංචාරයේදී පුටින් මහතා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ ප්යොංයැං අගනුවරදී සාකච්ජා පැවැත්වීමට නියමිත වේ.

මෙවර සංචාරයේදී පුටින් මහතා සහ කිම් මහතා ආරක්ෂක ගැටළු ඇතුළු හවුල් ගිවිසුමකට අත්සන් කිරීමට නියමිත වන අතර උතුරු කොරියාවේ එකම ඕතඩොක්ස් පල්ලිය වන ප්යොංයැං හි ඕතඩොක්ස් පල්ලිය නැරඹීමට ද අපේක්ෂා කෙරේ.

2019 වසරේ උතුරු කොරියාවේ සිදු කළ රාජ්‍ය සංචාරයේදී චීන නායක ෂී ජින්පින් අවසන් වරට නවාතැන් ගත් ප්‍යොංයැං හි කුම්සුසාන් ආගන්තුකාගාරයේ පුටින් මහතා රැඳී සිටිනු ඇතැයි වාර්තා වන අතර පුටින් මහතා සමඟ මෙවර ඔහුගේ නව ආරක්ෂක අමාත්‍ය ඇන්ඩ්‍රි බෙලූසොව්, විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් සහ නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් ද ඇතුළු නියෝජිත පිරිසක් පැමිණෙනු ඇත.

මේ සම්බන්ධයෙන් එක්සත් ජනපදය සඳහන් කර තිබුණේ, උතුරු කොරියාව හා රුසියාව අතර දිනෙන් දින ගැඹුරු වන සබඳතාව සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්ව ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...