ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාවය ගැන ජනපති කතා කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 18 , කොළඹ (LNW):

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබද පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීරණය අධ්‍යනය සදහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ, පාර්ලිමේන්තුවේදී මේ පිළිබද විශේෂ ප්‍රකාශයක් කරමිනි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබද පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන් අතර, ඉන් අනතුරුව ස්ථාවර නියෝග යටතේ රීති ප්‍රශ්නයක් මතුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියාසිටියේය.

එහිදී ජනාධිපතිවරයා පැවසූවේ,

” ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබද පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය ගරු කතානායකතුමා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එය මේ සභාවේ බලය උල්ලංඝනය කරනවා.

ව්‍යවස්ථාවේ 4වන වගන්තිය යටතේ අපි එම තීරණය පිළිබද අධ්‍යනය කරන්න තේරීම් කාරක සභාවක් පත්කළ යුතුයි. 2011 වසරේ ඉදන් අපේ රටේ කාන්තාවන් සවිබල ගන්වන්න වගේම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබද ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මකයි. ඒ වගේම කාන්තාවන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබද අපේ රටේ ලබාදුන්න නඩු තීන්දු ගණනාවක් තියෙනවා.

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී ඇති මේ තීරණය කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට මෙන්ම බුදු දහම ආරක්ෂා කිරීමට ද අභියෝගයක් එල්ලකරන ගැටලුසහගත තීරණයක්. පනත් කෙටුම්පත් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පාර්ලිමේන්තුව පාලනය කිරීමේ හැකියාවක් නැහැ. උපදෙස් ලබාදෙන්න විතරයි පුළුවන්.

ඒ වගේම මම විශේෂයෙන්ම සමාව ඉල්ලන්න ඕනේ කොරෝනා වසංගතය පැවති සමයේ දේහයන් භූමදාන කරන්න නොදී ආදාහනය කරන්න ලබාදුන්න තීන්දුව ගැන. ඕනෑම ආගමිකයෙක්ට මූලික අයිතියක් තියෙනවා තමන්ගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය ගැන. එය භූමදානයක් , ආදාහනයක් හෝ සිරුර වෛද්‍ය විද්‍යාලයට භාරදීමක් විය හැකියි. මේ ගැන ගත්තු තීරණ පිළිබද අපි කණගාටුවිය යුතුයි.

ඒ වගේම මේ දිනවල වැඩිපුරම කතා වෙන්නේ ගෙවල් කුලී ආදායම් මත පැනවෙන බද්ද පිළිබදව. පුද්ගලයෙකු සතු පළමු දේපල යෝජිත කුලී ආදායම් බද්දෙන් නිදහස් කෙරෙනවා. ඒ වගේම මේ බද්ද පැනවෙන්නෙ සාමාන්‍ය ආදායම් ලබන අයට නෙමෙයි.

ඉහළ ශුද්ධ ආදායම් ලබන්නන් වෙත විතරයි මෙය පැනවෙන්නේ. මට පේන විදිහට මේ පිළිබද හඩනගන සමගි ජන බලවේගයේ බොහෝ දෙනෙක් ඉහළ ශුද්ධ ආදායම් ලබන අයද කොහෙද?  ”      ලෙස ජනපති රනිල් කියා සිටියේය.

     

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මගේ වත්කම් හංගන්න දෙයක් නෑ. නීතිඥවරයෙක් විදිහට වැඩකරලා ටැක්ස් පවා ගෙව්වා – නාමල්

කොළඹ LNW:තමන්ගේ වත්කම්වල සැඟවීමට දෙයක් නොමැති නමුත් නිර්දන පන්තිය...

බැකෝ සමන්ගේ බිරිඳ යළි රිමාන්ඩ්!

කොළඹ LNW: මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර...

මකන්න හදන්න එපා,සුමේධ තවත් ඇඳ ඉවර නැති සිතුවමකි.

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 18, කොළඹ LNW: හෙල්ල වීසි කිරීමේ ඉසව්වකදී හෙල්ලයේ පියාසැරි...

අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී සමරයි!

කොළඹ LNW: අනගාරික ධර්මපාලතුමන්ගේ 161 වන ජන්ම දිනය ජපානයේදී...