ගෝඨාභය බලයට ගෙනාපු එකට අද මම ඔබෙන් සමාව ගන්නවා – දිලිත්

Date:

කොළඹ LNW:රට ගොඩගනී යන විශ්වාසයෙන් යුතුව ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමේ ක්‍රියාවලියට තමන්ද මැදිහත් වුවද එහෙත් සිදුවූයේ රට දුර්දාන්ත පාලනයකට ඇදවැටීම බව මේ බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පැවසුවේය.

ඒ, ඊයේ (18) සර්ව ජන බලය විසින් සංවිධානය කරන ලද නුගේගොඩ පැවති රැළිය අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමට නොකළ දෙයක් නැති වුවද අද දවසේදී ඒ වෙනුවෙන් තමන් සමාව ගන්නා බවයි ජයවීර මහතා පැවසුවේ.

ව්‍යවසායකයෙක් ලෙස සිටි තමන් දේශපාලනයට පිවිසීමේ බලාපොරොත්තුවකින් නොසිටි නමුත් ඒ සියල්ල කැප කර ජාතිකත්ව දේශපාලනය පිවිසියේ තවදුරටත් රට වැටීමට ඉඩ දිය නොහැකි හෙයින් අබ්ව්ද ඔහු පැහැදිලි අකරණ ලදී.

ඒ අනුව රනිල් සහ බැසිල්ට අවශ්‍ය පරිදි මේ රට තවදුරටත් වල්පාලමේ ගෙන යාමට ඉඩ නොදිය යුතු බවටයි එහිදී ඔහු අවධාරණය කළේ.

”තවදුරටත් මේ රටේ අහිංසක මිනිස්සු වැල් පාලමේ දක්කාගෙන යන්නට හදන රන්ල්ට බැසිල්ට පුතණෝට රෝස පාට මිතුරන්ටත් කියන්න තියෙන්නේ ඔබ ඔක්කොම එකයි. අපි විතරයි වෙනස්. අපි මේ රටට ආදරෙයි. මේ රටේ ජාති භේදය ඇති කිරීමට විරුද්ධයි. උතුරේ ගිහින් ඒ ජාතිවාදය මත පදනම් වූ ව්‍යවස්ථාමය වෙනස්කම් බලාත්මක කිරීමට යෝජනා කරමින් අහිංසක ද්‍රවිඩ ජාතිකයින් අමතනවා ලන්ඩනයේ දී. මේ රට ජාතිය මත බෙදන්න කටයුතු කරනවා. අපි ඒකට විරුද්ධයි. අද අපි ඉදිරියේ ඇත්තේ බරපතල ප්‍රශ්නයක්. ඒ මොකක්ද ඔබ කොහොමද ඔබගේ ජීවිතය වෙනස් කරගන්නේ. අද ඔබ ඇවිත් ඉන්නේ සම්ප්‍රදායික දේශපාලන රැස්වීමකට නෙවෙයි” යනුවෙන් දිලිත් ජයවීර මහතා තවදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...

2026 වසර සඳහා ජාතික විභාග 7ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : මේ වසරේ පැවැත්වෙන...

“සනා මාමා” හෙවත් සනත් බාලසූරි ආරච්චිගේ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ඊයේ (09) රාත්‍රී...