ඇමෙරිකානු සංචාරකයන් ආකර්ශනය කර ගැනීමේ දැවැන්ත ව්‍යාපෘතිය!

Date:

අශෝක ජයතුංග

ජුනි 19, වොෂින්ටන් LNW : වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්දන කාර්යංශය (SLTPB) ඒකාබද්ධව  ඇමෙරිකානු සංචාරකයන් වැඩිපුර ලංකාවට ආකර්ශනය කරගැනීමේ වැඩ පිළිවෙළේ තවත් ඉසව්වක් පසුගියදා පැවැත්වින.

ඇමෙරිකාවේ සංචරෙක ක්‍රියාකරුවන්ගේ සංගමය ( USTOA) සාමාජිකයන්ට තානාපති පරිශ්‍රයට ආරාධනා කොට ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ඇති වැදගත්කම පෙන්වා දුන්නේය. අදාළ වීඩියෝ හා චිත්‍රපට ඡායාරූප ලංකාවේ නැටුම් ගැයුම් වැයුම් ඇතුළු සංස්කෘතිකාංග රැසක් ද ඔවුන් හමුවේ ප්‍රදර්ශනය කෙරිණ. ලංකාවේ ආහාර පාන ලබාදී එහි ඇති ප්‍රනීත බව හා කුළුබඩු මිශ්‍ර කිරීමෙන් ලැබෙන ගුණදායක හා සෞඛ්‍යට හිතකර බව ද පහදා දෙන ලදී.

මෙහිදී කතාකල තානාපති මහින්ද සමරසිංහ මහතා ; ඇමෙරිකාව හා ලංකාව අතර පවතින වසර 75 ක රාජ්‍ය තාන්ත්‍රික සබදතා හා ඉන් ඔබ්බට දශක ගණනක් අතීතයේ සිට පවතින මිත්‍රකම ගැන ද විස්තර කළේය.

ශ්‍රී ලංකාව සංචාරක පාරාදීසයක් බව සදහන් කල තානාපති සමරසිංහ මහතා එහි කි මි 800 ක් දිග සුන්දර වෙරළ තීරය ලෝක උරුම 08 ක් හා වන සතුන් බහුල ජාතික වන උද්‍යාන 15  නරඔා රටේ පරිසරය සංස්කෘතිය ආහාර පාන හා ආගන්තුක සත්කාර භුක්ති විදීමට ඇමෙරිකානුවන්ට ආරාධනා කරන බවද පැවසීය.

USTOA සභාපති හා ප්‍රධාන විධායක ටෙරී ඩේල් මහතා ප්‍රකාශ කළේ තානාපති කාර්යාලය ඉතා ඉහළින් සංවිධානය කල උත්සවයෙන් ලංකාව ගැන මෙතෙක් අප තුළ නොතිබුණු වටිනා අවබෝධයක් ලබාගත් බවය. ඒ තුළ ඇමෙරිකානුවන් වැඩියෙන් ලංකාවට යැවීමේ කර්තව්‍යය ක්‍රියාත්මක කරන බව ද ඔහු කීවේය

තානාපති කාර්යාල වානිජ අංශ ප්‍රධානී චරිත යට්ටෝගොඩ මහතා කතා කරමින් ලංකාව තුළ සංචාරකයන්ට පවතින ඉහළ පහසුකම් ආරක්ෂාව කායික හා මානසිකව ලැබිය හැකි විනෝදාස්වාදය සදහා පවතින පසුබිම විස්තර කළේය.

ඉන්දික අත්තනායක ප්‍රමුඛ “සිලෝන් බෙර”  අචිලා පෙරේරා ගේ නර්තන පිරිස ලංකා මුදන්නායක ගේ “ලංකා ඩාන්ස්”  විසින් අංග රැසක් ඉදිරිපත් කෙරිණ. සංජය නිවුන්හැල්ල ගේ ගී ගායනා ඩී අයි සේනාරත්න ගේ සැක්සපෝන් හා කපිල රස්නායක ගේ බටනලා වාදන ද  ‘සීගිරි ආපන ශාලාව” සැපයූ ආහාර පාන වලින් ද උත්සවය වර්ණවත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බොක්සිං ගහන,පොත් ලියන අලුත් අක්ෂියකින් ලොව දකින නිලක්ෂි

නිශ්මං රණසිංහ ජුනි 15, කොළඹ LNW: නිලක්ෂි බණ්ඩාර යන නම...

ජනාධිපති ට්‍රම්ප් සිය 79වන උපන්දිනය දවසේම, එක්සත් ජනපද හමුදාවේ 250 වන සංවත්සරය සමරයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...