පොහොට්ටුවද? නැතිනම් විකල්ප කණ්ඩායම්ද? රනිල්ට තීරණයක් ගන්න විකල්ප කණ්ඩායම් කියයි.

Date:

ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වීමට පසුගියදා ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ අතර හමුවක් ජනාධිපති කාර්‍යාලයේදී පැවැත්වූ බව වාර්තාවේ. මේ සදහා මුලින්ම ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ සමග පමණක් සාකච්ඡාවක් පැවැත්වීමට යොදා ගත් නමුත් මේ සදහා දුමින්ද දිසානායක් නිමල් සිරිපාලද සිල්වා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් හා විකල්ප කණ්ඩායම් වල පිරිසක් එක්ව සිට ඇති බව පැවසේ.

මෙහිදී පොහොට්ටුව සමග කිසිම ආකාරයක සන්ධානගතවීමක් සිදු නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා විකල්ප කණ්ඩායම් විසින් බැසිල් රාජපක්ෂට ජනාධිපතිවරයා ඉදිරියේ පවසා ඇති බව සඳහන් වේ

තවද, නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමග ගමනක් නැති බව හා ඔහු සමග සිටින්නේ පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධ පිරිසක් යැයි කියද්දිත්, නාමල්ගේ විරෝධය පසෙක තබා ආණ්ඩුවට හා ජනාධිපතිවරයාට උදව් කරනා විට මෙවැනි කතා වලින් සිදුවෙන්නේ සිත් නොහොද වීමක් පමණක් බව බැසිල් රාජපක්ෂ එම සාකච්ඡාවට පැමිණි වජිර අබේවර්ධනට පවසා ඇතැයි වාර්තා වේ.

ඉදිරියේදී පොහොට්ටුවද නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා විකල්ප කණ්ඩායම්ද යන්න ජනාධිපතිවරයාට තෝරා ගැනීමට සිදුවන බව විකල්ප කණ්ඩායමේ ප්‍රකාශකයෙක් වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනප්‍රිය වූ විමල් ….

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගතවූ පැය...

විරාට් කෝලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දෙවන වැඩිම ලකුණු ලාභියා බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගියදා නවසීලන්තයට එරෙහිව...

ජනාධිපති ට්‍රම්ප් ඉරානය සමඟ ගනුදෙනු කරන සියලුම රටවල් වෙනුවෙන් 25%ක නව තීරු බද්දක් පනවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානය සමඟ වාණිජ...