ඔඩපණ ණය යෝජනා ක්‍රමයට කැබිනට් අනුමැතිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 20 , කොළඹ (LNW):

2024 යල කන්නය සඳහා වී මිල දී ගැනීම පිණිස සහනදායි පොලී අනුපාතයක් යටතේ බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2023/24 මහ කන්නය සහ 2024 යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා සහනදායි පොලී අනුපාතයක් යටතේ බැංකු මඟින් ඔඩපණ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස 2024- 01-08 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති අතර ඒ යටතේ 2024 යල කන්නයේ වී මිල දී ගැනීම සඳහා ඔඩපණ ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් අනෙකුත් අදාළ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සහ පෞද්ගලික බැංකු නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත. 

එම සාකච්ඡාවේදී එළඹ ඇති එකඟතාවන්ට අනුව 2024 යල කන්නයේදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස් කරන්නන් වෙත සහභාගිත්ව බැංකු ආයතන හරහා රුපියල් මිලියන 6,000ක ඔඩපණ ණය සහනදායී පොලී අනුපාතයක් මත නිකුත් කිරීම පිණිස සහ ඒ හා සම්බන්ධ අනෙකුත් පියවර ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...

මන්ත්‍රී විශ්‍රාම වැටුප ගැන ⁣කරු, ආණ්ඩුවෙන් කළ ඉල්ලීම!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදුවට රජය ගෙන ඇති...

ඌවට වෙරළක්..

  නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: මෙවර ජාතික ක්‍රීඩා උළෙලේ වෙරළ...

විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවාලු !

ලබන සතියේ පාර්ලිමේන්තුව රැස්වෙද්දී විපක්ෂයේ කණ්ඩායමක් ස්වාධීන වෙන්න යනවා...