අපි කොහොමත් කැපකිරීම් කරමින් ඉන්නෙ, දැං ජනතාවගෙ වාරෙ – නිපුණ රණවක

Date:

මේ මොහොතේ රටම දැඩි අසීරුතාවයකට පත්ව සිටින බැවින් ජනතාව සියලුදෙනාම කැපකිරීම් සිදු කිරීමට සූදානම් වියයුතු බව මාතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක මහතා පවසනවා.

ජනාධිපතිවරයාගේ සිට මැති ඇමතිවරුන් සියලුදෙනා දැනටමත් විවිධ කැපකිරීම් සිදු කරමින් සිටින බව පෙන්වා දෙන නිපුණ රණවක මහතා පවසන්නේ දැන් රට වෙනුවෙන් ජනතාවද කැපකිරීම් සිදු කිරීමේ වාරය පැමිණ ඇති බවයි. විශේෂයේන තරුණ ප්‍රජාව ඊට සූදානම් වියයුතු බව ඔහු සඳහන් කරනවා.

නිපුණ රණවක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පොදුජන පෙරමුණු කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමිනි.

කෙසේ නමුත් රටේ බහුතර ජනතාව පවසන්නේ තමන් කාලයකට සිටම විවිධ කැපකිරීම් සිදු කරමින් සිටින බවයි. ජනතාව පෝලිම්වල රස්තියාදුවෙමින්, අත්‍යවශ්‍ය භාණ්ඩ පවා මිලදී ගත නොහැකිව, වේලකින් දෙකකින් දවස පිරිමසාගෙන උපරිම කැපකිරීම් සිදු කරද්දී පාලකයන් සුපුරුදු පරිදි කිසිදු අපහසුවකින් තොරව දිවි ගෙවන බව ඔවුන් පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැබිනට් තීරණ දැනුම්දීම උණුසුම් කළ රංවලගේ තීරණය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16 , කොළඹ LNW : පා....

තනතුරු බෙදාගත්තට වැඩක් නැහැ. කිසිවක් වලංගු නැහැ – දයාසිරි ලිපියක් නිකුත් කරමින් කියයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාව...

මෙරට විශ්වවිද්‍යාල සහ විදේශීය විශ්වවිද්‍යාල අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : මෙරට විශ්වවිද්‍යාල සහ...

අඩපණ වූ නැගෙනහිර දුම්රිය මාර්ගය දින 18 කට පසු යළි හිස ඔසවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : ඉකුත් දා ඇති...