ආර්ථික ඝාතකයින් එක්ක බෑ. පොහොට්ටුවේ සහාය රනිල්ට දීලා තමන් පැත්තකට වෙන්න රාජපක්ෂලා තීන්දුවක් ගන්න ඕනේ – රාජිත

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණය ජයග්‍රහණ‍ය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය ලබාදී මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත්ව සිටීමට රාජපක්ෂවරුන් තීන්දුවක් ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

ආර්ථික ඝාතකයින් වශයෙන් හඳුනාගෙන ඇති කොටස මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වුවහොත් එය රනිල් වික්‍රමසිංහ මහතාට අවාසිසහගත බවයි රාජිත සේනාරත්න මහතා සඳහන් කරන්නේ.

“පොහොට්ටුවේ ආර්ථික ඝාතකයෝ කියලා දැන් කොටසක් හඳුනාගෙන තියෙනවානෙ. ඒ අයත් එක්ක හිටීම තමයි මේ රටේ මිනිස්සුන්ගෙන් රනිල් වික්‍රමසිංහ මහතාට තියෙන සෘණාත්මක අගය. ඒක මං එතුමාට කියලාත් තියෙනවා. මං හිතන්නෙ රාජපක්ෂවරුත් තීන්දුවක් ගන්න ඕනෙ තමන්ගෙ කඳවුරක් දිනනවා නම් තමන් පැත්තකට වෙන්න”

ප්‍රශ්නය – මේ අවස්ථාවේ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන එකද සුදුසු, නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්මයාම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එකද ?

“කවුරු ආවත් මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ඕනෙ. අපෙයි යූඑන්පී එකෙයි රනිල් වික්‍රමසිංහගෙයි ආර්ථික වැඩපිළිවෙලේ වෙනසක් නෑනෙ. ඉතින් එදා තිබුණු ගින්දර තත්වය අද නෑනෙ. ඇස් දෙකක් තියෙන, කන් දෙකක් තියෙන, නහයක් තියෙන ඕනෙ මිනිහෙකුට මේක තේරෙන්න ඕනෙ. මතවාදය නිවැරදි නම්, ඉදිරිපත් කිරීමත් නිවැරදි නම්, ඒක නම් රටේ ජනතාවගේ මතවාදය විය යුත්තේ, එතෙන්ට යනවා. මිනිස්සුත් එතෙන්ට එනවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ඔබතුමා අපට ඉස්සරහදී රනිල් වික්‍රමසිංහ මහතාගේ වේදිකාවේදී බලාගන්න පුළුවන් වෙයිද ?

“ඒවා ඉතින් … කොච්චර ඉතින් … කොයි වේදිකාවේ ඉන්නවාද, කොයි විදියට ඉන්නවාද, ස්වාධීන විදියට ඉන්නවාද, ඒ ඔක්කොම ඉදිරියට බලාගත හැකි”

රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය ඖෂධ 180ක හිඟයක් – GMOA

සටහන: සශිකලා මධුෂාණි මේවන විට රෝහල් පද්ධතිය තුළ ඖෂධ...

පෙරළිකාර පානදුර සහ සීසීසි විස්සයි විස්ස අවසාන සටනට

නිශ්මං රණසිංහ ජුනි 14, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය...

‘ටෙහෙරානය ගිනි ගනීවී’

සටහන: සශිකලා මධුෂාණිජුනි 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල සිවිල් වැසියන්ට...

හිටපු ඇමති දයාගේ කෝටි ගණනක දේපළ වෙන්දේසි කෙරේ !

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයකු වූ හිටපු අමාත්‍ය දයා ගමගේට...