ග්‍රාමීය කුඩා දරුවන් අතර පෝෂණ අර්බුද වැඩි වීමේ අවධානමක් – විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 23 , කොළඹ (LNW):

වසර ගණනාවක් පුරා වයස අවුරුදු තුනට අඩු දරුවන් සඳහා ත්‍රීපෝෂ ලබා නොදීම හේතුවෙන් ග්‍රාමීය වශයෙන් කුඩා දරුවන් අතර පෝෂණ අර්බුද වැඩි වීමේ අවධානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිලිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ප්‍රමිතීන්ට යටත්ව වයස අවුරුදු 3ට ඩු දරුවන්ට ත්‍රීපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය පියවර ලබා ගැනීම කඩිනම් කළ යුතු බව ඔහු පවසයි.

වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ, අවුරුදු තුනට අඩු දරුවන් සඳහා නිෂ්පාදනය කරන ත්‍රිපෝෂවල ඇෆ්ලොටොක්සීන් මට්ටම පවත්වාගෙන යාමේ පාරිසාදන මට්ටම සම්බන්ධයෙන් මේ දක්වා තීරණයකට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් මෙම අර්බුදය මතුව ඇති බවයි.

එමෙන්ම අවුරුදු තුනට වැඩි දරුවන්ට හා ගර්භනී මව්වරුන්ට පමණක් ත්‍රිපෝෂ ලබාදෙන අතර, එම ලබා දීම සිදුකරන්නේද පෝෂණ ගැටළු පවතින දරුවන් සඳහා පමණක් බවත් පසුගිය වසර වන විට දරුවන් අතර පෝෂණ අර්බුධය වර්ධනය වීමේ ප්‍රවණතාවක් පවතින බවත් පෙන්වා දෙන වෛද්‍යවරයා පවසන්නේ එය සෞඛ්‍ය සේවා කාර්යාංශ දත්තයන්හීද පෙන්වන බවයි.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ඉල්ලා සිටින්නේ, එබැවින් රජය හැකි ඉක්මනින් මාස හයට වැඩි සියළු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබා දීමේ වැඩසටහන සක්‍රීය කිරීමට අවධානය යොමු කරන ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...