හජ් වන්දනාකරුවන්ට නීතිවිරෝධී ලෙස ගමන් කිරීමට පහසුකම් සැලසු සංචාරක සමාගම් 16ක බලපත්‍ර අහෝසි කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 23,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : හජ් වන්දනාකරුවන්ට නීතිවිරෝධී ලෙස මක්කම යාම සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් සංචාරක සමාගම් 16ක බලපත්‍ර අහෝසි කිරීමටත්, එම සමාගම්වල කළමනාකරුවන් රජයේ අභිචෝදක කාර්යාලය වෙත යොමු කරන ලෙසත් ඊජිප්තු අගමැති මොස්ටාෆා මැඩ්බුලි නියෝග කර ඇති බව එරට කැබිනට් මණ්ඩලය නිවේදනය කර තිබේ.

මෙම වසරේ අධික උෂ්ණත්වය හේතුවෙන් හජ් වන්දනාවේ නිරත වූ උද්ගලයන් 1,100ක් පමණ මියගොස් ඇති අතර ඉන් 658කුම ඊජිප්තු ජාතිකයන්ය. මියගිය ඊජිප්තු ජාතිකයන්ගෙන් 630 ලියාපදිංචි නොකළ වන්දනාකරුවන් බව අරාබි රාජ්‍ය තාන්ත්‍රිකයින් මේ සතිය මුලදී AFP පුවත් සේවයට පැවසීමෙන් අනතුරුව ඊජිප්තු අගමැතිවරයා මෙම නියෝගය ලබා දී තිබේ.

හජ් බලපත්‍ර කෝටා ක්‍රමයක් මත රටවල් සඳහා වෙන් කරන අතර අක්‍රමවත් මාර්ග හරහා වන්දනාකරුවන්ට ඩොලර් දහස් ගණනක් ඉතිරි කර ගත හැකිය. 2019 සිට සෞදි අරාබිය සාමාන්‍ය සංචාරක වීසා බලපත්‍රයක් හඳුන්වා දීමෙන් අනතුරුව මෙම අවිධිමත් මාර්ග වඩ වඩාත් ජනප්‍රිය විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...