‘තව එකම එක වරක් ජන්දය දෙන්න’ ඩොනල්ඩ් ට්‍රම්ප් එවැන්ජලිස්ත කිතුනුවන්ගෙන් ඉල්ලයි

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 23,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ දිනයේදී(22) කොන්සර්වේටිව් උපදේශන කණ්ඩායමක් වන ඇදහිල්ල සහ නිදහස් සන්ධානය විසින් පවත්වන ලද වොෂින්ටන් සමුළුවකදී සිය ගණනක් ආධාරකරුවන් ඉදිරියේ ඉවැන්ජලිස්ත කිතුනුවන්ගෙන් ඉල්ලා තිබුණේ, ඔවුන්ගේ ආගමික නිදහස ආරක්ෂා කිරීම සඳහා මෙවර නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී තමා වෙනුවෙන් තව එකම වරක් ජන්දය ප්‍රකාශ කරන ලෙසයි.

Pew පර්යේෂණ මධ්‍යස්ථානයට අනුව, ට්‍රම්ප්ගේ 2016 ජයග්‍රහණය සඳහා ඉවැන්ජලිස්ත ඡන්දදායකයින් තීරණාත්මක සාධකයක්ව ඇති අතර 2020 ව්‍යාපාරයේදී, සුදු ඉවැන්ජලිස්ත රෙපරමාදු භක්තිකයන්ගෙන් සියයට 84 ක් ඔහුට ඡන්දය ලබා දී තිබිණි.

පල්ලියේ කලාතුරකින් පෙනී සිටින ට්‍රම්ප් මෙහිදී තවදුරටත් පොරොන්දු වී තිබුණේ, කිතුනුවන්ට සිදුවන නීති විරෝධී වෙනස්කම් කිරීම්, හිරිහැර කිරීම්, පීඩාවන් විමර්ශනය කිරීම, මෙන්ම ක්‍රිස්තියානි විරෝධී පක්ෂග්‍රාහීත්වයට එරෙහිව සටන් කිරීම සඳහා නව ෆෙඩරල් කාර්ය සාධක බලකායක් නිර්මාණය කිරීමට තමා සුදානම් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...