මෙරට සිසුන්ට “Cambridge Climate Quest” ස්වයං අධ්‍යයන පාඨමාලාව භාෂා 3න්ම නොමිලයේ හැදෑරීම සඳහා අවස්ථාව!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 24, කොළඹ (LNW):

මෙරට පාසල් සිසුන්ට “කේම්බ්‍රිජ් දේශගුණික ගවේෂණය” ස්වයං අධ්‍යයන පාඨමාලාව නොමිලේ හැදෑරීමට අවස්ථාව ලැබී ඇති බව වාර්තා වේ.
.
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්, 8 ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන පාසල් සිසුන් වෙනුවෙන් “Cambridge Climate Quest” ස්වයං අධ්‍යයන පාඨමාලාව භාෂා 3න්ම නොමිලයේ හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමට නියමිතය.

එමෙන්ම කලාපීය උසස් අධ්‍යාපන ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ඕස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලය (Flinders University) විවිධ විෂය ක්ෂේත්‍රයන්හි උපාධි, පශ්චාත් උපාධි පාඨමාලා සහ අධ්‍යයන ප්‍රවේශ වැඩසටහන් සඳහා අවස්ථාව සලසා දෙමින් සිය විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් මෙරට තුළ ආරම්භ කිරීමට ද නියමිත බව සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...