පියුමි හංසමාලි ඊයේ CIDය මඟහැරලා. හේතුව මෙන්න !

Date:

ජනප්‍රිය නිරූපිකාවක් වන පියුමි හංසමාලිගේ වත්කම් ගැන මේ දවස්වල විමර්ශනයක් යන බව හැමෝම දන්නවානෙ. ඒ විමර්ශනයට අදාළව පියුමිට ඊයේ (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී ඉන්න කියලා දැනුම් දීමක් කරලා තිබිලා. නමුත් ඇය ඊයේ දිනයේදී එහි පෙනී සිටලා නෑ.

ඒකට හේතුව මෙහෙමලු,

පියුමිට CID එකෙන් කියලා තියෙනවා ඇයගේ සියලුම බැංකු ගිණුම් වාර්තා අරගෙන එන්න කියලා. නමුත් බැංකු, ඇයගේ ගිණුම් වාර්තා දෙන්න දවස් 4ක් ඉල්ලලා ලු. ඒ, ඒවා ඒ තරම් දීර්ඝ නිසා ලු. ඒවා මුද්‍රණය කරන්න සැලකිය යුතු කාලයක් ගතවෙනවා ලු.

පියුමි හංසමාලිගේ ව්‍යාපාරය සම පැහැපත් කරන ක්‍රීම් වර්ගයක් විකුණන එක. ඇය මේ වෙද්දී ඒ ක්‍රීම් ඇනවුම් 35,000 ක් යවලා තියෙනවා ලු. ඒ, කූරියර් සමාගම් තුනක් ඔස්සේ ලු.

පියුමි හංසමාලි කියන්නේ අතිශය ජනප්‍රිය චරිතයක්. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුළ අයට විශාල රසික රසිකාවින් පිරිසක් ඉන්නවා. ඇයගේ ජනප්‍රියත්වය හරහා තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ.

කොහොමහරි ලබන සතියේ පියුමි CID එකට යන්න නියමිතයි ලු. පොහොර උර හතරක විතර ලියකියවිලි අරන් යන්න වෙන සීන් එකක් ලු තියෙන්නේ එදාට ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...

එක්සත් ජනපදයේ ධනවත්ම සංක්‍රමණික බිලියනපතියන් 5 දෙනා කවුද?

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රටවල් 41කින්...

හිටපු ඇමති කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට අධි චෝදනා!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : ඉකුත් රජය සමයේ...

අදත් රිය අනතුරක්:15ක් රෝහලේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16 කොළඹ LNW : පෞද්ගලික බස්...