“දිනුම රටට – එක්ව පෙරට”නව සන්ධාන දෙවන ජන රැළිය ජුනි 29 වැල්ලවායේදී!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 25, කොළඹ (LNW):

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධාන පාර්ශවය විසින් ඒකාබද්ධව පවත්වනු ලබන ජන රැළි මාලාවේ දෙවන ජන රැළිය මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය නගර මධ්‍යයේදී ජුනි මස 29 දින පස්වරු 2.00 ට පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර තිබෙන බව පැවසේ. “දිනුම රටට – එක්ව පෙරට” යන තේමාව පෙරදැරි කොටගෙන මෙම ජන රැළිය පවත්වනු ලැබේ.

වැල්ලවාය ජන රැළිය විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජගත් පුෂ්පකුමාර මහතා විසින් සංවිධානය කරනු ලබයි.

නව සන්ධානය ආරම්භ කිරීමත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඒකාබද්ධව නව සන්ධාන වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත් කර තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් වැඩිම පිරිසකගේ සහභාගිත්වයෙන් යුතුව දැවැන්ත සන්ධානයක් ගොඩනැගීමට නව සන්ධානය ප්‍රමුඛ අනෙකුත් පාර්ශවයන් කටයුතු කරමින් සිටියි. ඒ සඳහා විවිධ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන රැසක් නව සන්ධානය වටා ඒකරාශී වීමට සූදානමින් සිටින බව නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

මෙම ජන රැළියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, ජගත් පුෂ්පකුමාර, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් ඇතුළු නව සන්ධානයට සහය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තිය සමිති නියෝජිතයින් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් රැසක් සහභාගි වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාය යෑමේ අවධානම නිසා වරකාපොළ පවුල් 11ක් ඉවත් කෙරේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : වරකාපොළ ප්‍රාදේශීය කොට්ඨාසයට...

සමාජ සුබසාධක ප්‍රතිලාභ දීම ගැන අලුත් තීරණයක්!

කොළඹ LNW:ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය...

ජලයෙන් යටවූ  නිවාස පිරිසිදු කිරීමේ දීමනාව අඛණ්ඩව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : පසුගියදා ඇතිවූ...

ආපදාව නිසා අවතැන් වූ 85,000ක් තවදුරටත් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : ඉකුත් දා සිදුවූ...