හිජාබයට මුවා වී තරුණියන් අපයෝජනයට පත්කළ බවට තලෙයිබාන් සංවිධානයට චෝදනා

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 25,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : වැරදි ලෙස හිජාබය පැළඳීම හේතුවෙන් තලේබාන් සංවිධානය විසින් අත්අඩංගුවට ගත් නව යොවුන් වියේ ගැහැණු ළමයින් සහ තරුණියන් පවසන්නේ තමන් ලිංගික ප්‍රචණ්ඩත්වයට සහ රඳවා තබා ගැනීමේදී පහරදීමට ලක් වූ බවයි.

මේ සම්බන්ධයෙන් ඇෆ්ගනිස්ථාන පුවත් සේවය වාර්තාකර තිබුණේ, මෙම වසර මුලදී අත්අඩංගුවේ සිටියදී තරුණියන් මුහුණ දුන් අත්අඩංගුවට ගැනීම් සහ ලිංගික අපයෝජනයන් සියදිවි නසා ගැනීමට සහ සියදිවි නසා ගැනීමට තැත් කිරීමට හේතු වූ බවයි.

එළඹෙන ජුනි 30 වනදා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇෆ්ගනිස්තානය පිළිබඳ සමුළුවක් පැවැත්වීමට නියමිත වන අතර මෙම වාර්තාවන් මතුවන්නේ ඊට දින කිහිපයකට පෙරය. මෙලෙස තලෙයිබාන් සංවිධානයට චෝදනා කරන කාන්තාවන් ප්‍රසිද්ධියේ ඉදිරිපත් නොවීම විශාල ගැටලුවක් වන බවයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ,