එක්සත් ජනපදයේ මිනසෝටා හි ගංවතුර හේතුවෙන් වේල්ලක් කඩා වැටේ!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ජූනි 26, (LNW) කොළඹ:
එක්සත් ජනපදයේ මිනසෝටා හි බ්ලූ අර්ත් ගඟ අසබඩ ගංවතුර හේතුවෙන් වේල්ලක් කැඩී යාමෙන් ගොඩනැගිලි සහ මාර්ග කිහිපයක් විනාශයට පත් ව තිබේ. මේ අතර පහත් ප්‍රදේශවල පදිංචිකරුවන්ට ඒ අසළින් ඉවත් වන ලෙස අනතුරු ඇඟවීමක් ද කර තිබිණි.

රූපරාමු සහ දර්ශන ඔස්සේ ගංවතුර නිසාවෙන් එම වේල්ල කැඩී යන අයුරු සහ එම මොහොතේ කුඩා ගොඩනැගිල්ලක් සහ අසල ඇති ගස් අධික ජලයෙන් ගිල ගන්නා අවස්ථාවන් රැසක් පෙන්නුම් කරයි.

විනාශ වූ ගොඩනැගිල්ල කුඩා දිය ඇල්ලකින් කඩා වැටී මීදුමෙන් නොපෙනී යන තෙක් ගංවතුරෙන් සෙමෙන් ඇදගෙන යනු දැකිය හැකි විය.

වසර 114 ක් පැරණි මෙම වේල්ලට සිදු වූ මෙම ඛේදජනක තත්ත්වය විදෙස් මාධ්‍ය පුරා සංසරණය විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිස්ත්‍රික්ක පහකට නාය යාමේ අනතුරු ඇඟවීම්!

කොළඹ LNW:අද (19 ) පෙරවරු 08.00 සිට හෙට (20)...

NSBM විෂයමාලා සමාලෝචනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : NSBM හරිත විශ්ව...

5 G සංඛ්‍යාත වර්ණාවලි වෙන්දේසියෙන් රජයට දැවැන්ත ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ඊයේ(18) දින...

වෙළදපොලේ උඩරට එළවලු මිළට වූ දේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : සීදුවූ ආපදාවත් සමග...