එක්සත් ජනපදයේ මිනසෝටා හි ගංවතුර හේතුවෙන් වේල්ලක් කඩා වැටේ!

Date:

සටහන – පුන්සරා ලියනගේ
ජූනි 26, (LNW) කොළඹ:
එක්සත් ජනපදයේ මිනසෝටා හි බ්ලූ අර්ත් ගඟ අසබඩ ගංවතුර හේතුවෙන් වේල්ලක් කැඩී යාමෙන් ගොඩනැගිලි සහ මාර්ග කිහිපයක් විනාශයට පත් ව තිබේ. මේ අතර පහත් ප්‍රදේශවල පදිංචිකරුවන්ට ඒ අසළින් ඉවත් වන ලෙස අනතුරු ඇඟවීමක් ද කර තිබිණි.

රූපරාමු සහ දර්ශන ඔස්සේ ගංවතුර නිසාවෙන් එම වේල්ල කැඩී යන අයුරු සහ එම මොහොතේ කුඩා ගොඩනැගිල්ලක් සහ අසල ඇති ගස් අධික ජලයෙන් ගිල ගන්නා අවස්ථාවන් රැසක් පෙන්නුම් කරයි.

විනාශ වූ ගොඩනැගිල්ල කුඩා දිය ඇල්ලකින් කඩා වැටී මීදුමෙන් නොපෙනී යන තෙක් ගංවතුරෙන් සෙමෙන් ඇදගෙන යනු දැකිය හැකි විය.

වසර 114 ක් පැරණි මෙම වේල්ලට සිදු වූ මෙම ඛේදජනක තත්ත්වය විදෙස් මාධ්‍ය පුරා සංසරණය විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලොව පුරා සිත්ගත් සුවිශේෂී නිදහස් දින සැමරුම්….

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ලොව පුරා විවිධ...

ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනපති එක් වෙයි!

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ජනාධිපති...

Trump ගේ මීළඟ වෑයම..

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඛනිජ සම්පත් ඒකාධිකාරය අවම...