ඩීසල් නැව් තොග හතරක් මිල දී ගැනීමේ කොන්ත්‍රාත්තුවට කැබිනට් අනුමැතිය!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 25, කොළඹ (LNW):

ඩීසල් (0.05% M.S.) නැව් තොග හතරක් මිල දී ගැනීම සඳහා වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව සඳහන් වේ.

2024-08-01 සිට 2024-12-31 දක්වා කාලය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඩීසල් (0.05% M.S.) නැව් තොග 4 ක් මිල දී ගැනීමේ දිගුකාලීන කොන්ත්‍රාත්තුව සඳහා ලියාපදිංචි සැපයුම්කරුවන් වෙතින් මිල ගණන් කැඳවා තිබෙන අතර , ඒ අනුව ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, අදාල කාලය තුළ ඩිසල් බැරල් 280,000+/-5% ක් බැගින් වූ නැව් තොග 4 ක් සපයා ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව M/s Zhongxi Energy Development (Ningbo) Co. Ltd., China වෙත පිරිනැමීම පිණිස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කෙරුණු බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පෙරමුණ රැක ගනියි

නිශ්මං රණසිංහ පෙබරවාරි 09, කොළඹ LNW: මැලිබන් ජාතික රග්බි ලීග්...

බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අදත් ඇප නෑ!

කොළඹ LNW: ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගත්, පූජ්‍ය...

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු DIG තිලකරත්න අත්අඩංගුවට !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. තිලකරත්න...

ලිට්‍රෝ ගෑස් සමාගමෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, කොළඹ LNW : මෙම (පෙබරවාරි) මාසය...