රනිල්ගේ කැම්පේන් එක පොහොට්ටුව හයිජැක් කරලා?

Date:

කොළඹ LNW: ”ආරංචිය සුබයි” යනුවෙන් යනුවෙන් පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය විසින් පෝස්ටර් කැම්පේන් එකක් රට පුරා ගෙන ගොස් තිබුණා. ඊට හේතුව වී තිබුණේ අද (26) දිනයට දී තිබෙන ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය කියලයි කියවුණේ.

රට බංකොලොත්භාවයෙන් මුදවා ගෙන ලෝකය සමඟ නොබියව ගණුදෙනු කිරීමේ හැකියාව උද වී ඇති බවට නිල ප්‍රකාශයක් අද දිනයේදී ජනාධිපතිවරයා විසින් සිදුකරනු ඇති බවයි ඔහුගේ පාර්ශවය පවසා තිබුණේ.

කෙසේවෙතත් මෙම ”ආරංචිය සුබයි” යන පෝස්ටරයට සමාජය තුළ විවිධ මත ගොඩනැගී තිබුණු අතර වැඩිවශයෙන් එය උපහාසයට ලක්වන අයුරු පෙනෙන්ට තිබුණා.

මේ අතර අද උදෑසන වන විට තවත් පෝස්ටරයක් කොළඹ නගරය තුළ දැකගැනීමට හැකිව තිබුණා. ඒ, ”ආරංචිය සුබයි පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක්” යනුවෙනුයි එහි දක්වා තිබුණේ.

පෝස්ටරයේ පොහොට්ටුව සළකුණ වෙනුවට ප්‍රදර්ශනය කර තිබෙන්නේ නම් ශ්‍රී ලංකා ධජය.

මේ අතර අද පස්වරුවේ තවත් පෝස්ටරයක් එළියට පැමිණීමට නියමිත බව ද වාර්තා වෙනවා. එහි දැක්වෙන්නේ ”ආරංචියට සුබයි. මේ පාරත් රනිල්ටම තමයි” කියලයි දැනගන්න ලැබුණේ.

කොහොමත් දැන් ජන්ද සටන නම් පට පට ගාලා ඇවිලෙන්නට නියමිත බව නම් පැහැදිලියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලක්සල සන්නාමය චීන මැණික් ව්‍යාපාරිකයෙකුට ලබාදීම පසුපසත් ඩීල් එකක් ?

මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්...

රතු බලකොටුව ආසන්නයේ පිපිරීමට හේතුව?

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ (10) දින...

අළු බඳුනට පෙර බොතම් සහ චැපල් අදහස් දක්වයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 11, කොළඹ LNW: ලෝකයේ වැඩිම අවධානයක් දිනා...

ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක්!

කොළඹ LNW:ආයෝජන ආරක්ෂණ පනතක් හදුන්වා දීමට රජය තීරණය කර...