OPEC FDFදී මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක බව සාමාජික රටවල් දැනුවත් කළා – රාජ්‍ය අමාත්‍ය සේමසිංහ

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 26, කොළඹ (LNW):

ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසන්නේ, ඕස්ට්‍රේලියාවේ වියානාහි පැවති ඔපෙක් අරමුදල් සංවර්ධන සංසදයේ දී මේ සම්බන්ධයෙන් සාමාජික රටවල් දැනුවත් කළ බවයි

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ, එමෙන්ම පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන තුළින් අභියෝගවලට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුවත් කිරීම් සිදුකළ බවයි.

2023 වසරේ හදුන්වාදුන් දූෂණ විරෝධී පනත බලාත්මක කිරීමෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ශක්තිමත් කිරීම මෙම ප්‍රයත්නයේ වැදගත් පියවරක් බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන අතර, රාජ්‍ය මූල්‍ය හා මූල්‍ය අංශ ශක්තිමත් කිරීම සෑම පුරවැසියෙකුගේම කැපකිරීම් හා උත්සාහයන් තුළින් අත්කරගත් ප්‍රගතිය බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කර සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA ප්‍රජාතන්ත්‍රවාදයත් අහිමි කරලා ආර්ථික වරප්‍රසාදත් අහිමි කරනවා – ජී.එල්.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...

ඇමරිකාවේ Seattleහි දී පොලිස් රථයකට බිලි වූ ඉන්දීය ශිෂ්‍යාවගේ පවුලට ඩො.මිලියන 29ක වන්දියක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකාවේ සියැටල් (Seattle)...

ගුරුවරුන්ගේ වෘත්තිමයභාවය සුරකිමින් ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීම වෙනුවෙන් තවත් අලුත් වැඩක්!

කොළඹ LNW:ගුරුවරුන්ගේ වෘත්තීයභාවය සුරැකීමට සහ ගුණාත්මක අධ්‍යාපනයක් තහවුරු කිරීමට...