මෙවර ජයගමු ශ්‍රී ලංකා මඩකළපුවට!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 26, කොළඹ (LNW):

කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ මඩකළපු දිස්ත්‍රික් වැඩසහන ජූනි 28 – 29 දෙදින තුළ මඩකළපුව හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

දින දෙකක් පුරා පැවැත්වෙන මෙම වැඩ සටහනේ සමාරාම්භක අංගය ලෙස විගමණික ශ්‍රමිකයන් ඇගයීමට ලක් කරනා ” විගමණික හරසර” වැඩ සටහන පැවැත්වීමට නියමිතය.

අමතරව විදෙස්ගත ශ්‍රමිකයන්ගෙ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම, පාසැල් උපකරණ සහිත බෑග් ප්‍රධානය කිරීම, ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් තෝරදෙන ස්මාර්ට් පාසල් පන්තිකාමර සඳහා ස්මාර්ට් බෝර්ඩ් ලබදීම සිදු කරන බව පැවසේ.

ඊට අමතරව ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා මූල්‍ය අධාර ලබාදීම, රෝද පුටු සහ ඇස් කණ්නාඩි ලබාදීම, රැකියා සඳහා විදෙශගතවීමේදී වැඩිම අවස්ථා ගණනක් විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ ලියාපදිංචිවූ ශ්‍රමිකයන්ට වවුචර් පත් පිරිනැමීම මෙහිදී සිදු කරන බව සඳහන් වේ.

රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව සඳහා මග පෙන්වන ”ස්මාර්ට් යූත් ක්ලබ්” වැඩසටහනද මෙහිදී පැවැත්වෙන අතර. එම වැඩසහටන මගින් වෘත්තීය පුහුණුව සඳහා ජනාධිපති අරමුදලින් ලබාදෙන ප්‍රතිපාදන පිළිබඳ දනුවත් කිරිමද සිදුවෙන අතර, අවිධිමත් ශ්‍රමිකයන්ගේ වෘත්තීය ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කරනා ”ගරු සරු” වැඩසහන, මිනිස් ජාවාරම සහ කම්කරු නීතිය පිළිබඳ කෙරෙනා දැනුවත් කිරිම්ද මෙම ”ජයගමු ශ්‍රී ලංකා” වැඩසහටනට යටතේ පැවැත්වෙයි.

ඊට අමතරව විදෙශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි රැකියා එජන්සි 40 ක් පමණ සිය සේවා කවුළු ප්‍රදර්ශණ භූමියේ පවත්වන අතර එමගින් නවතම විදේශ රැකියා අවස්ථා පිළිබඳ තොරතුරු රැසක් ලබාගැනිමට හැකියාව ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

නත්තල් සිසිලස අර්ථවත්කළ තවත් තාරකාවක නිවී යෑම: ක්‍රිස් රෙයා, ජෝර්ජ් මයිකල් ඔබ එනතුරු බලා සිටී!

මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ සහ මහධිකරණ විනිසුරුවරු දඹදිව සාංචි වැඳ පුදා ගනිති.

කොළඹ LNW:අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්...

2000 වසරේ සිට වැඩිපුරම රත්‍රන් තොග ගබඩා කරමින් කප් ගැසූ රටවල්! 

සටහන – පුලී දෙසැම්බර් 24, කොළඹ (LNW): ශතවර්ෂයේ ආරම්භයේ සිට,...

පනස් වසක් කලා ලොව ඒකාලෝක කළ කලාසුරි සතිස්චන්ද්‍රයන් දිවිසැරිය නිම කරයි

සටහන: සශිකලා මධුෂාණි ප්‍රවීන රංගනවේදී , ලේඛක, දේශක සතිස්චන්ද්‍ර...