ජල හා කඳුළු ගෑස් ගහලත් දන්වන්න බැරි වුණ ගුරු – විදුහල්පති වර්ජනය හෙටත්!

Date:

කොළඹ LNW: ගුරු – විදුහල්පති වැඩවර්ජනය හෙට (27) දිනයේදීත් ක්‍රියාත්මක කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පවසයි.

හෙට දිනයේදීත් වැඩවර්ජනය ක්‍රියාත්මක කරන්නේ අද එම විරෝධතාවට පොලීසියෙන් එල්ල කළ ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයට විරෝධය පළකරමිනුයි.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති ඉතිහාසයේ වැදගත් දිනයක් සනිටුහන් කරමින් අද දින විශාල පිරිසක් විරෝධතාවට එක්ව සිටි අතර එම විරෝධතාව හේතුවෙන් කොළඹ ලෝටස් පාර වසා දැමීමට සිදු වූ අතර කොටුව දුම්රියපොළ ඉදිරිපිට සිට විරෝධතා පාගමනින් ඔවුන් ලෝටස් පාර දෙසට පැමිණි අතර එම අවස්ථාවේදීයි පිරිස විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් එල්ල කළේ.

ජෝසප් ස්ටාර්ලින්,මහින්ද ජයසිංහ, පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතළු වෘත්තීය සමිති නායකයින් 08 දෙනෙකුට එරෙහිව වාරණ නියෝගයක්ද නිකුත් කර තිබුණු නමුත් විරෝධතාව ගෙන ගිය අතර දිවයිනේ සියලුම ප්‍රදේශවලින් පාහේ ගුරු විදුහල්පතිවරු ඊට සහභාගී සිටියහ.

ගුරු වැටුප් තුනෙන් දෙක ලබා ගැනීම,දෙමව්පියන්ගේ පාසල් බර සැහැල්ලු කිරීම,විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම,අධ්‍යාපන පෞද්ගලීකරණ වැඩපිළිවෙල නවතා දැමීමට බල කිරීම ඇතුළු කරුණු මුල්කරගනිමිනුයි මෙම වැඩවර්ජනය හා විරෝධතාව සංවිධානය කර තිබුණේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...