ඩොලර් මිලියන 6.5 ක මුදලක් අහිමිකළේ යැයි හිටපු මහ බැංකු අධිපති, හිටපු ජනාධිපති ලේකම්ට එරෙහිව ගොනුකළ අභියාචනය මහාධිකරණයත් විසි කරයි!

ජූනි 27, කොළඹ (LNW): 2014 වර්ෂයේ දී ඇමරිකානු ලොබි සමාගමකට දැවැන්ත මුදලක් එවකට පැවති රජය යටතේ රජයේ මුදල්වලින් ගෙවූ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන්ට එරෙහිව පූජ්‍ය තිනියාවල පාලිත හිමි විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකළ අභියාචනය මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට ඇති බව වාර්තා වේ.

මෙම අභියාචනය ඉදිරිපත් කරනු ලැබුවේ, 2014 වර්ෂයේ පැවති රජය යටතේ මහ බැංකුව අත්තනෝමතික අන්දමින් ඇමරිකානු ලොබි සමාගමකට ඇ.ඩො. මිලියන 6.5 ක මුදලක් ගෙවා ඇති බවට තිනියාවල පාලිත හිමි විසින් ගොනුකළ පැමිණිල්ල කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිශ්ප්‍රභා කිරීමෙන් අනතුරුව ය.

ශ්‍රී ලංකා රජයට අයත් ඇ.ඩො. මිලියන 6.5 ක මුදලක් ඇමරිකානු මූල්‍ය සමාගමකට (lobbying firm) ලබා දීම හරහා අහිමි කළේ යැයි ද, ඒ තුළින් එම මුදල් සාපරාධී විශ්වාසය කඩ කිරිමක් සිදු කර ඇති බවට හා සාපරාධී සාවද්‍ය පරිහරණය කිරිමක් සිදු කර ඇති බවට ඒ මහත්වරුන්ට එරෙහිව චෝදනා ගොනුවී තිබිණි.

ඒ අනුව, මෙකී චෝදනාවට අදාළව කබ්රාල් සහ වීරතුංග යන මහත්වරුන් පිළිබඳව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දරන ස්ථාවරය මහාධිකරණය විසින් නැවත වරක් තහවුරුකර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...