රටේ ආර්ථික ස්ථාවරත්වය ප්‍රකෘතිමත් වීම අප ලැබූ විශාල ජයග්‍රහණයක් – ආරක්‍ෂක රාජ්‍ය ඇමති

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය හා මග පෙන්වීම යටතේ ඉතා කෙටි කාලයක් තුළ අප රටට බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට හා ආර්ථිකය නැවත ශක්තිමත් කිරීමට හැකි වූ බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනෙකුත් රටවලටද කදිම ආදර්ශයක් බවත් ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අද (27) කොළඹ පිහිටි සිය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

අප ලබා ගත් මෙම ආර්ථිකමය ජයග්‍රහණය, යුද ජයග්‍රහණය හා සමානව සැලකිය හැකි දැවැන්ත ජයග්‍රහණයක් බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

අප සියලු දෙනාම ඒ පිළිබඳ අගය කළ යුතු බවත් හෙතෙම කියාසිටියේය.

මූල්‍ය කළමනාකරණය, මූල්‍ය පාලනය හා මූල්‍ය විනය, මෙරට බැංකු පද්ධතිය ආරක්ෂා කිරීම, ඩොලරයට සාපේක්‍ෂව රුපියල ශක්තිමත් කිරීමේ මූල්‍ය අනුපාත ඒකකය සුරක්‍ෂිත කිරීම, දේශපාලන ස්ථාවරත්වය සහ ජාතික ආරක්‍ෂාව තුළින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අපට හැකි වූ බවත් අතිශය දුෂ්කර කාර්යයක් වූ නමුත් ජනාධිපතිවරයාගේ නොසැලෙන නායකත්වය යටතේ අපට මෙම ආර්ථික අගාධයෙන් ගොඩවී ලෝකයටම කදිම ආදර්ශයක් වීමට හැකි වූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යෝධයා අවසන් පූර්ව තරගයට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චමෝද් යෝධසිංහ වර්ථමානයේ ශ්‍රී...

හෝටල් කර්මාන්තයේ විප්ලවීය වෙනසක් ඇති කරන AI…

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): AI විසින් හෝටල්...

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...