අපේක්ෂා රෝහලේ රෝගීන්ට කතරගම දේවාල අරමුදලෙන් ප්‍රනීත ආහාර වේලක්

Date:

රට බංකොලොත් භාවයට ඇද වැටී තිබූ පසුගිය වකවානුවේ දී රෝහල්ගත නේවාසික රෝගීන් හට නියමිත ආහාර වේල පවා නිසියාකාරයෙන් ලබා දීමට නොහැකි වූ බව රට පමණක් නොව ලොව ම දන්නා කරුණකි.

වර්තමානයේ දී එම තත්ත්වය යම් පමණකට සමනය වී තිබුණ ද පෙර පැවති තත්ත්වයට ළඟා වීමට නොහැකි වී ඇති බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මීට පෙර අවධාරණය කර තිබිණ.

නමුදු මේ වන විට,  සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් සහ වෙනත් බාහිර පාර්ශ්වවල ද ආධාර සහ අනුග්‍රහය මත රෝගීන් බලාපොරොත්තු වන ගුණාත්මක සහ රසවත් ආහාර වේලක් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමත් වී තිබේ.

මෙම ව්‍යාපෘතියට අනුව එක් එක් රෝගින් වෙනුවෙන් ම සකස් කළ ආහාර පිඟානක් හඳුන්වා දීමට නියමිත ය. එමෙන් ම එම ආහාර පිඟානෙහි පෝෂ්‍යදායි භාවය, ගුණාත්මක භාවය සහ රසවත් භාවය රෝගි පුද්ගලයාගේ රැචි අරුචිකම් අනුව සකස් කිරීමට සැලසුම් කර ඇති අතර අතුරුපසක් ලබා දීමට ද කටයුතු කරනු ඇත.

අදාළ ව්‍යාපෘතියේ පළමු පියවර මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එම රෝහලේ රෝගින් වෙනුවෙන් සැකසෙන ආහාර සඳහා වැය වන සම්පූර්ණ මුදල රුහුණු කතරගම මහා දේවාල අරමුදලෙන් ලබා දීමට කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

මතු දැක්වෙන්නේ ශ්‍රී ලංකා පෝෂණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිල නිවේදනය යි.


slnc

theleader.lk

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇෆ්ගන් විශ්වවිද්‍යාලවලින් කාන්තා කතුවරිය ලියු පොත් තහනම් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඇෆ්ගනිස්තානයේ...

වෙල්ලාලගේ පියා ජීවිතයෙන් පරාජය වෙද්දී ශ්‍රී ලංකාව අපරාජිතව පෙරට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 19, කොළඹ LNW: ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවති...

ජනාධිපති ට්‍රම්ප් ලෝක අධිරාජ්‍යයා නොවේ! ඔහු සමඟ “කිසිදු සම්බන්ධතාවයක්” නොමැති බව බ්‍රසීල ජනාධිපතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 19 : ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බ්‍රසීල...

කෝටි 7ක වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සබරගමුවේ හිටපු මහමාර්ග හා ක්‍රීඩා ඇමති රිමාන්ඩ්

සටහන - රුවන් නෙළුගොල්ල අත්අඩංගුවට ගත් සබරගමුව පළාත් සභාවේ හිටපු...