දෙසැම්බර් මාසයේදී විදෙස් සංචාරකයන් පැමිණීමේ සැළකිය යුතු වර්ධනයක්

Date:

දෙසැම්බර් මාසයේ ගත වූ දින 26 තුළ විදෙස් සංචාරකයන් 69,641 දෙනෙකු මෙරටට පැමිණ ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. එය මෙම වසර තුළ එක් මාසයකදී මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් ප්‍රමාණය බවද ඇමතිවරයා පවසනවා.

ඔක්තෝබර් මාසයේදී විදෙස් සංචාරකයන් 22,771 ක් පැමිණ ඇති අතර එය නොවැම්බර් මාසයේදී 44,294 ක් දක්වා වර්ධනය වී තිබෙනවා. මෙම වසරේදී මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් ප්‍රමාණය 174,930 කි.

ශීත සෘතුව ඉලක්ක කරමින් රුසියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, යුක්රේනය ඇතුළු යුරෝපා රටවල් ආශ්‍රිතව විශේෂ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර සංචාරක ආකර්ශනය ඉහළ ගොස් තිබෙන්නේ ඒ අනුවයි.

දෙසැම්බර් මාසයේදී වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ තිබෙන්නේ රුසියාවෙනි. එම ප්‍රමාණය 7951 ක් වන අතර ඊට අමතරව එක්සත් රාජධානියෙන් 6819 ක්, ජර්මනියෙන් 4131 ක්, ප්‍රංශයෙන් 2313 ක්, යුක්රේනයෙන් 2054 ක් ලෙස සංචාරකයන් පැමිණ තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...

ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ පහර දීමට එරෙහිව අද කොළඹදී විරෝධතාවක්!(PHOTOS)

කොළඹ LNW:ජනවාරි 29 වන දින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින්...