බෙලීස්හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කෙරේ

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුනි 30, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : කල්ලි ආශ්‍රිත මිනීමැරුම් සහ අනෙකුත් ප්‍රචණ්ඩකාරී අපරාධ මර්දනය කිරීම සඳහා බෙලීස් හි හදිසි තත්වයක් ප්‍රකශයට පත් කර ඇති බව වාර්තා වේ.

මෙම හදිසි නිතිය මඟින් වරෙන්තු නොමැතිව නිවෙස් පරීක්ෂා කිරීමට හා පුද්ගලයන් සියයකට ආසන්න පිරිසක් රඳවා තබා ගැනීමට පොලිසියට බලය ලබා දේ.

හදිසි නිතිය හේතුවෙන් මේ වන විට ගිනි අවි රැසක් සොයා ගෙන ඇති අතර මිනීමැරුම් කළ බවට චෝදනා ලබා සිටි පුද්ගලයන් විශාල ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. මෙම නිතිය මුලින් දින 30 ක් සඳහා ක්‍රියාත්මක වූ අතර එහි කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම වෙනුවෙන් තවදුරටත් දීර්ඝ කරන බව පොලිසිය නිවේදනය කර තිබේ.

මේ සම්බන්ධයෙන් බෙලිස් අගමැති ජොනී බ්‍රිසෙනෝ සඳහන් කර තිබුණේ, හදිසි නියෝගය නීති ගරුක පුරවැසියන්ට බලනොපාන බවත්, මෙම පියවර විනාශය ඇති කරන්නන් ඉලක්ක කර ඇති බවත්ය.

මධ්‍යම ඇමරිකාවේ වෙරළ තීරයේ පිහිටා ඇති අතර බෙලිස් මෙක්සිකෝව සහ ග්වාතමාලාව සමඟ දේශසීමා බෙදා ගන්නා අතර එය පසුගිය වසරේ කලාපයේ අපරාධ සහ ප්‍රචණ්ඩත්වය පතුරුවන වසංගතයක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Volker Turk ලඟදීම දිවයිනට!

රෂිකා හෙන්නායක ජූනි 19, කොළඹ LNW : තෙදින නිල සංචාරයක්...

මරික්කාර්ට ඇන්නවූ මුජිබර් – මුජිබර්ට ඇන්නවූ මරික්කාර් නිසා සජබට කොළඹ, කොලොන්නාව දෙකම අහිමි වෙලා ?

සමගි ජන බලවේගය ස්ථිරවම බලය අල්ලනු ඇතැයි අපේක්ෂාවෙන් සිටි...

ඊශ්‍රායලය, ඉරාන ආරක්ෂක ඒජන්සියට පහර දේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 18; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල් ගුවන් හමුදාව...

බංගලාදේශය හොඳ තැනෙක

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: බංගලාදේශය සහ ශ්‍රී ලංකාව...