පියුමි හංසමාලි CIDයට එයි. සල්ලි හෙව්වේ කුඩු විකුණලාද, කළු සල්ලි සුදු කරලාද කියලා අද ලංකාවටම දැනගන්න පුළුවන් ලු !

Date:

ජනප්‍රිය නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලි අද (01) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබේ.

ඒ, ඇය මුදල් ඉපයූ ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ය.

සිය බැංකු ගිණුම් වාර්තා අද දිනයේදී CID යට ඉදිරිපත් කරන බව මාධ්‍ය වෙත පැවසූ ඇය සඳහන් කළේ තමන් වරදක් කර නොමැති බැවින් තමන්ට බිය වීමට දෙයක් නොමැති බවකි.

“අද ආවේ … මුළු ලංකාවම දන්නවානෙ, මට එන්න කියලා තියෙනවා කටඋත්තරයක් දෙන්න. නීතිවිරෝධී වත්කම් එකෙන්, අර දාපු කම්ප්ලේන් එකට. ගිය සතියේ සඳුදා තමයි එන්න කියලා තිබුණෙ. නමුත් සෙනසුරාදා ලෙටර් එක ලැබුණේ. සඳුදාට එන්න බෑ, මොකද ඩොකියුමන්ට් ගොඩක් තියෙනවා හදාගන්න. තාමත් හදලා නෑ, පුළුවන් ටික හදාගෙන ආවෙ. බෑන්ක් ස්ටේට්මන්ට්ස් තියෙනවා. ඕඩර්ස් 25,000ක් ගිහින් තියෙනවා. ලංකාවේ මිනිස්සුන්ට තීරණය කරන්න පුළුවන් මගේ ක්‍රීම් පැක් එකක්ම 35,000ක් විතර වෙනවා. ඉතින් එයාලාට ගණන් හදලා බලන්න පුළුවන් පියුමි හංසමාලිට කොහෙන්ද සල්ලි ආවේ කියලා.

වැරදි කරලා නෑනේ අයියා, ඉතින් බය නැතුව ආවා. වැරදි කරපු අය තමයි බය වෙන්න ඕනේ. වැරදි බිස්නස් කරපු මිනිස්සු බයවෙන්න ඕනෙ, චකිතයකින් ඉන්න ඕනෙ. අනේ මම මම දෙයක් ඉගෙන ගෙන ඇවිල්ලා අහිංසක බිස්නස් එකක් කරන්නේ. බෑන්ක් ස්ටේට්මන්ට් පොහොර බෑග් 5ක් වගේ තියෙනවා. අපි හැමදේම කළේ බෑන්ක් හරහා. මොකද ඉදිරියේදී මෙහෙම ප්‍රශ්න එයි කියලා හිතුවා. කෑෂ් ඔන් ඩිලිවර් ගිය අපේ ඕඩර්ස් ඒ හැමදෙයක්ම බෑන්ක් හරහා තමයි කළේ. ඉතින් අද මුළු ලංකාවට දැනගන්න පුළුවන් පියුමි හංසමාලි සල්ලි හම්බකරලා තියෙන්නෙ කුඩු විකුණලාද, කළු සල්ලි සුදු කරලාද කියලා”

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...