දැන් පොහොට්ටුව කියල එකක් නැහැ. ඒක රනිල්ගේ පූට්ටුව වෙලා අවසන් – විමල්

කොළඹ LNW:දැන් පොහොට්ටුව කියා එකක් නැති අතර එය රනිල් වික්‍රමසිංහගේ පූට්ටුව බවට පත්ව තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේය.

පොහොට්ටුව රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති පුටුවේ වාඩි කර 69 ලක්ෂයක ජනවරමට පහරා තිබෙන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මේ අතර පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් මැතිවරණයට ඉදිරිපත් කරන්නේ නම් තමන් පොහොට්ටුවට යන බවට ප්‍රචාරයක් කර තිබුණද තමන් සිටින එකම වේදිකාව සර්ව ජන බලය වේදිකාව බව හෙතෙම කියා සිටියේය.

”ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා එදා කිව්වා, තමන්ට බැරි ගැහැණියක් පිරිමියෙක් කරන එකයි, පිරිමියෙක් ගැහැණියෙක් කරන එකයි විතරයි, කියලා. එයාගේ බෑණා රනිල් විධායක ජනාධිපති වෙලා ඒකත් කරන්න යනවා. දැන් බලන්න, එයා ඒකට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් ලිංගික සංක්‍රාන්තිකයන් පිළිබඳ පනතක් ගෙනෙන්න කටයුතු කළාම ඒ පනතට විරුද්ධව භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ පිරිසක් අධිකරණය හමුවට යනවා. ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් කියනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිටින්නේගැහැණිය සහ පිරිමියා පමණයි. සංක්‍රාන්ති ලිංගිකයකු ගැන කියැවෙන්නේ නැහැ. ඒ නිසා මෙවැනි පනතක් ගෙන එනවා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි කියලා. මේ තීන්දුව ආවාම රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයට තර්ජනය කරමින් කතා කළා. වෙන දේකට මෙහෙම තීන්දුවක් ආවා නම් රනිල් වික්‍රමසිංහ මෙච්චර කලබල වෙන්නේ නැහැ. මෙයා මේක කොහොම හරි කරන්නයිහදන්නේ. සමහර යුරෝපා රටවල් තිබෙනවා, දෙමාපියන්ගේ අවසරයෙන් තොරව අවුරුදු 14ක පිරිමි දරුවන්ගෙන් අහනවා, ඔබ ගැහැණියක වීමට කැමතිද? කියා. මේ විදිහටහොඳට ඉන්න කොල්ලා ස්ත්‍රී හෝමෝන එන්නත් මගින් කෙල්ලෙක් කරනවා. අපේ රටෙත් ඒ වැඩේ කරන්නයි රනිල් වික්‍රමසිංහ මේ පනත ගෙන එන්නේ. මෙන්න ආර්ථික අර්බුදය හමුවේ අපේ රටේ සිදුවන දේවල්. අර්බුදය ඇතුළේ අණපනත් ගෙනල්ලා, සාමාන්‍යකාලයකදී කරගන්න බැරි වුණු හැම තුච්ඡ, පාහර වැඩක්ම කරගන්නයි රනිල් වික්‍රමසිංහ සූදානම් වෙන්නේ. දැන් බලන්න, ආර්ථික පරිවර්තන පනතින් ඕනෑම විදේශිකයෙකුට මේ රටේ කර්මාන්තයක්, ව්‍යාපාරයක් කරන්න ස්වදේශිකයාට තිබෙන ඉඩකඩම ලැබෙනවා. එතකොට ස්වදේශිකයා අතේ තිබෙන ව්‍යාපාරත් විදේශිකයා අතට මාරු වෙනවා.

අන්තිමේදී ස්වදේශිකයා තමන් උපන් රටේ වහලෙකු බවට පත්වෙනවා. ස්වදේශිකයා බලගැන්වීමෙන් තොරව මේ අර්බුදයෙන් ගොඩඒමට බැහැ. සිංහල, දෙමළ, මුස්ලිම් සකල ස්වදේශික ජනතාව බලගැන්වීමෙන් තොරව මේ අර්බුදයෙන් එළියට එන්න අපට බැහැ. ස්වදේශික ජනතාව බලගැන්වීමෙන් මේ අර්බුදයෙන් ගොඩඒම, තම මාවත කරගත්තු එකම දේශපාලන වේදිකාව සර්වජන බලය වේදිකාවයි. ඒ වගේම අනාගත ජනාධිපතිවරණ, මහ මැතිවරණ ජයගැනීමට ජනවරම ගොඩනඟන වේදිකාව වන්නේ ද සර්වජන බලය වේදිකාවයි. වමේ වේදිකාව, දැහිතකාමී ජනතාවගේ – ස්වදේශිකයාගේ වේදිකාව මෙයයි. ඒ නිසා මේ වේදිකාව බලගන්වන්න. ඒ මගින් මේ රට නිදහස්කරගන්න ඔබ සැමට ධෛර්ය ශක්තිය ලැබේවා” යනුවෙන් මන්ත්‍රීවරයා වැඩිදුරටත්අවධාරණය කරන ලදී.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ පසුගියදා ගාල්ලේ දී පැවති සර්ව ජන බලය රැළිය අමතමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Boelo කුණාටුව අතරතුර ගසක් කඩා වැටී ජීවිතයෙන් සමුගත් Richard Baines!

සටහන – පුලී ඔක්තෝම්බර් 26, LNW (කොළඹ): ස්ටෝම් බොයෙලෝ (Storm Boelo)...

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...