ඉන්දියාවේ ශිව දෙවි පූජාවකට එක්ව සිටි 87ක් තෙරපීම නිසා මිය ගිහින්!

Date:

කොළඹ LNW: ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්‍රාස් දිස්ත්‍රික්කයේ මුගල් ගාර්හි ගම්මානයේ ආගමික ස්ථානය පැවති යාඥාවකට එක්ව සිටි පුද්ගලයින් 87 දෙනෙකු මරණයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම ආගමික කටයුත්තට අදාළව ඉතා විශාල පිරිසක් සහභාගී වී ඇති අතර එම ස්ථානයේ පැවති තෙරපීම හේතුවෙන් එලෙස මරණ සිදුව ඇති බවටයි වාර්තා කර තිබෙන්නේ.

ශිව දෙවියන් උදෙසා පූජාවක් සිදුකර තිබෙන අතර පිරිස ඉන් ඉවත්ව යනවිට එම තෙරපීම සිදුව තිබේ.

එම ගම්මානය නවදිල්ලි නුවරට කිලෝමීටර 200ක් දුරින් ගිනිකොණ දෙසින් පිහිටා ඇති බව සඳහන්.

මෙම මරණ සංඛ්‍යාව තවදුරටත් වැඩිවිය හැකි බවට එම හත්‍රාස් දිස්ත්‍රික්කයේ පොලීසිය පවසා ඇති අතර අනතුරට ලක්වූවන් රෝහල ගත කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය තවදුරටත් පවසන්නේ.

මෙම අනපේක්ෂිත සිද්ධිය හේතුවෙන් අදාළ ප්‍රාදේශීය රෝහල පිටත ඉතා කලබලකාරී ස්වභාවයක් ගෙන තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාද සිය ශෝකය පළකර ඇත.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (18) පාර්ලිමේන්තුව කැඳවීමට හේතුව ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : අද (18)...

ගාසා තීරයේ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත පලස්තීනුවන්ගේ තත්ත්වය ශීත කුණාටු හේතුවෙන් තවත් නරක අතට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 18: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...

ඩේවිඩ් පීරිස් වෙළද සේවා ක්‍රිකට් එක්ක නොදැවී 23 යි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: වෙළද සේවා ක්‍රිකට් තරගාවලියේ...

මහනුවරට සහ නුවරඑළියට නාය යාමේ රතු නිවේදන!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා ඉවත්වීමේ වෙනුවෙන්...