අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 02, කොළඹ (LNW):

අද (02) පස්වරුවේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයේ නායක, අභාවප්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය. ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාව වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කර සිටියේය.